NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News

මේ වසරේ මාස තුනට බන්ධනාගාර රැඳවියන් 53ක් මියගිහින්

  • April 9, 2024
  • 0 min read
මේ වසරේ මාස තුනට බන්ධනාගාර රැඳවියන් 53ක් මියගිහින්
The short URL of the present article is: https://radioeka.lk/48gz

ජනවාරි 01 දින සිට මාර්තු 31 වැනිදා දක්වා කාලය තුළ බන්ධනාගාර රැඳවියන් 53 දෙනකු මිය ගොස් ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා ඊයේ (8දා) ප්‍රකාශ කළේය.

මෙම මරණ සිදුවී ඇත්තේ ගෙල වැලලා ගැනීම්, අසනීප තත්ත්වයන් සහ පහරදීම් හේතුවෙන් බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මේ අන්දමින් පසුගිය 2023 වර්ෂයේදී බන්ධනාගාර රැඳවියන් 209 දෙනකු මියගොස් තිබේ. ඒ අතර කාන්තා රැඳවියන් 6 දෙනකුද පිරිමි රැඳවියන් 203 දෙනකුද වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. මෙම පිරිස අතර විදෙස් ජාතිකයෝ තිදෙනෙක්ද වෙති.

මෙලෙස 2022 වර්ෂයේදී බන්ධනාගාර තුළ 144 දෙනකු මියගොස් ඇති අතර පිරිමි රැඳවියන් 139 දෙනෙක්ද, කාන්තා රැඳවියන් 05 දෙනෙක්ද ඒ අතර වෙති.

අහුන්ගල්ල – කමල් ශ්‍රී ලියනගේ

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *