NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 16, 2024
Hot News Local News

නිදි ඇඳේ දී සැමියා මරා සිරුර වැවට දමලා

  • May 13, 2024
  • 1 min read
නිදි ඇඳේ දී සැමියා මරා සිරුර වැවට දමලා
The short URL of the present article is: https://radioeka.lk/1dal

නිවෙසේ නිදාගෙන සිටි සැමියා ඝාතනය කර සිරුර මහ රෑ කර මත තබාගෙන තනියම ගොස් ඉහළ ගිරිබාව වැවට දැමූ බව කියන බිරිය  සැකපිට අත්අඩංගුවට ගත් බව ගිරිබාව පොලිසිය සඳහන් කරයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ ඉහළ ගිරිබාව හතර කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි උදය කුමාර නැමැති තිස් දෙහැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කියයි.

සැකකාර කාන්තාව සිය සැමියා කර මත තබාගෙන මීටර් එකසිය පනහක් පමණ දුර ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ අවුරුදු තිස්තුනක් වයසැති කාන්තාවක වන අතර ඇය මීට කලින් විවාහ වී නීත්‍යානුකූලව සැමියාගෙන් වෙන් වී ඇති බවත් උදය කුමාර නැමැත්තා ද මීට කලින් විවාහ වී බිරිඳගෙන් නීත්‍යානුකූලව වෙන් වී සිටි තැනැත්තකු බවත් පොලිසිය සදහන් කරයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *