රාජපක්ෂ පාලනයෙන් රට බංකොළොත්.. පාර්ලිමේන්තුවට යෝජනාවක්.!
රට බංකොලොත් භාවයට පත් කිරීමට සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව මත මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී යෝජනා කරයි.
ප්‍රජා අයිතිය අහෝසි කිරීමට මූලික පියවර ලෙස විශේෂ ජනාධිපති කොමිසමක් පත් කල යුතු බවත් එය කළ හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට පමණක් බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
අයවැය විවාදය අතරතුරදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරයි.