NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 19, 2024
Local News News Political News

මැතිවරණ නීතිය අනුව ලබාදුන් පත්වීම් අහෝසියි.!

  • July 28, 2024
  • 0 min read
මැතිවරණ නීතිය අනුව ලබාදුන් පත්වීම් අහෝසියි.!
The short URL of the present article is: https://radioeka.lk/mhus

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සඳහා නීති විරෝධී ලෙස හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට ලබා දී තිබූ පත්වීම් සියල්ල අවලංගු කිරීමට තීරණය කළ බවයි.

මෙම පත්වීම් ලබා දී තිබුණේ දකුණ, මධ්‍යම, නැගෙනහිර සහ බස්නාහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් විසින් වන අතර මේ වන විට ක්‍රියාත්මක මැතිවරණ නීතිය අනුව එම පත්වීම් වහාම අවලංගු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අවස්ථා ගණනාවකදී අදාල ආණ්ඩුකාරවරුන් දැනුවත් කර තිබුණද දකුණ, නැගෙනහිර සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරුන් පමණක් ඊට ප්‍රතිචාර දක්වා තිබූ බව කොමිසම පවසයි.

කෙසේවෙතත් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට අවස්ථා කිහිපයකදී එම පත්වීම් අවලංගු කරන ලෙස සිදු කළ දැනුම්දීම් වලට අනුව අවසානයේදීම පත්වීම් අවලංගු කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *