NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 16, 2024
Hot News Local News Political News

මහින්ද ප්‍රමුඛ පො.පෙ.ආණ්ඩුවට සම්බන්ධ ජනතා නියෝජිතයන්ට එරෙහිව සංඝ ආඥාවක්!

  • March 16, 2024
  • 1 min read
මහින්ද ප්‍රමුඛ පො.පෙ.ආණ්ඩුවට සම්බන්ධ ජනතා නියෝජිතයන්ට එරෙහිව සංඝ ආඥාවක්!
The short URL of the present article is: https://radioeka.lk/bzpj

ලැබුණු ජනවරමට පිටුපාමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවට සම්බන්ධයෙන් ජනතා නියෝජිතයන්ට සංඝ ආඥාවක් නිකුත් කර ඇත.

ආර්ථික සහ දේශපාලනික අර්බුදය තුළ නැවත නිවැරදි කරගත නොහැකි ලෙස රට විදේශීය ආධිපත්‍යයට යටත් කිරීම, ආර්ථික මරමස්ථාන විකුණා දැමීම වහාම නැවැත්විය යුතු බවටත්, මහ නායක හිමිවරුන්ගේ අනුශාසනා පිළිගත යුතු බවටත් පක්ෂ විපක්ෂ සියලු දෙනාට දැනුම්දීම සඳහා ත්‍රෛනිකායික විශේෂ ජාතික මහා සඟ සමුළුවක් ඊයේ (14) දින පැවැත්විණි.

ත්‍රෛනිකායික විශේෂ ජාතික මහා සඟ සමුළුවේදී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවට මෙම සංඝ ආඥාව නිකුත් කර ඇත.

මෙම සමුළුවට සියම් මහානිකායේ මල්වතු, අස්ගිරි, කෝට්ටේ, රෝහණ ඇතුළු පාර්ශ්වයන්ගේ හා අමරපුර මහානිකායේ මෙන්ම රාමඤ්ඤ මහානිකායේ අනුනායක මාහිමිපාණන් වහන්සේලා ද විද්‍යෝදය, විද්‍යාලංකාර පරිවෙණාධිපතීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කළේය.

ත්‍රෛනිකායික අනුනායක ස්වාමීන්වහන්සේලා නිකුත් කළ සම්මුති ප්‍රකාශය පහතින්..

ගෞරවනීය මහා නායක හිමිවරුන් විසින් 2024.12.15 දින නිකුත් කරන ලද ඓතිහාසික ප්‍රකාශය මහජන නියෝජිතයින් විසින් නැවත කියවිය යුතු බව සහ සියල්ල සිදුවීමට ඉඩ හැර බලා සිටීමේ භූමිකාව වෙනස් කළ යුතු බව අවධාරණය කිරීමට කැමැත්තෙමු. එවැනි හැසිරීමක් මහජනයා ඔබතුමන්ලාගෙන් බලාපොරොත්තු වන්නේ නැත. මහජන මතයට සහ 2019 සහ 2020 මැතිවරණවලදී මහජනයා විසින් ලබා දී ඇති ජනවරම තවදුරටත් වලංගු වන බැවින් ඊට පිටුපාමින් ක්‍රියා කිරීමට හෝ පාලකයින් එසේ ක්‍රියා කරන විට නිහඬව බලා සිටීමට ඔබතුමාලාට කිසිදු අයිතියක් නැත. එසේම ඔබතුමන්ලාගේ වටිනාකම සහ මහජනයා අතර ප්‍රසාදය පවත්වා ගැනීම මගින් ඔබලාගේ අනාගත භූමිකාව ආරක්ෂා කර ගැනීම සඳහා ද වර්තමානයේ ඔබතුමන්ලා විසින් ඉටු කරන භූමිකාව ඉතා වැදගත් වන බව අවධාරණය කරමු.

ඒ අනුව පවතින ජනවරමට අනුව ආණ්ඩුව විසින් දෙවරක් සිතා බැලිය යුතු සහ ක්‍රියාත්මක නොකළ යුතු තීන්දු මෙන්ම කිසිසේත්ම ක්‍රියාත්මක නොකළ යුතු තීන්දු පිළිබඳව ඉතා පැහැදිලි අවබෝධයක් මහජන නියෝජිතයින් විසින් ලබා ගත යුතු බව සහ ඊට අනුව ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කිරීමට කැමැත්තෙමු. ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ධුරයෙන් පහකළ ද අදටත් හිටපු ජනාධිපතිවරයාට ඔහු විසින් ජනවරම පවරා දුන් වර්තමාන ජනාධිපතිවරයා එම ජනතා අභිලාශයට පටහැනිව ක්‍රියාත්මක වන කල්හි ඊට එරෙහිව මැදිහත්වීමේ සදාචාරාත්මක වගකීමක් ඇත.

එසේම තනි පුද්ගලයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ කැමැත්ත හෝ සැඟවුණු අරමුණු වලට අනුව ගිවිසුම් ගතවීම වැනි රටේ අනාගත පැවැත්මට අදාල තීන්දු ගැනීමට ඉඩ ලබාදීමේ දුර්වල ප්‍රවේශය නිවැරදි කිරීම ද මහජන නියෝජිතයන් ලෙස ඔබගේ සදාචාරාත්මක වගකීමකි. අත්තනෝමතික හෝ හිතුවක්කාරී තීන්දු ගැනීමේ ක්‍රියාවලිය වෙනස් කර ඉදිරි ජනාධිපතිවරණයේදී නව ජනවරමක් ලබා ගන්නා තෙක් පවතින ජනවරම අනුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන උපාය මාර්ගික තීන්දු තීරණ පිළිබඳ පැහැදිලි සැලසුමක් රටට ඉදිරිපත් කරන ලෙස බලකිරීම ඔබගේ අවම වගකීමකි. එසේ නොවුවහොත් ඔබ පිළිබඳ මහජන විශ්වාසය ආරක්ෂාකර ගැනීම කිසි සේත් අපේක්ෂා නොකළ හැකිවාක් මෙන්ම ඉදිරි මැතිවරණවලදී ජනතා තීරණය කෙරෙහි ද මෙය තීරණාත්මක ලෙස බලපාන සාධකයක් වන බවද අවධාරණය කරම්හ.

unusuma

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *