NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 7, 2024
Hot News Local News News

පාසල් සිසුවෙකුට අධිකරණය දුන් නියෝගය

  • April 18, 2024
  • 1 min read
පාසල් සිසුවෙකුට අධිකරණය දුන් නියෝගය
The short URL of the present article is: https://radioeka.lk/n5ad

අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවාස දෙකකින් මුදල් සහ ජංගම දුරකථන සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පාසල් සිසුවෙකු අද අධිකරණය විසින් පරිවාස භාරයට පත්කර තිබේ.

සැකකාර පාසල් සිසුවා අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බළපිටිය මහේස්ත්‍රාත් ආර් ඩී ජනක මහතා අද (18) මෙම නියෝගය ලබාදී තිබේ.

මෙලෙස පරිවාස භාරයට පත්කර ඇත්තේ අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 15ක දරුවෙකි.

එම දරුවාගේ පියා විදේශගතව සිටින බවත් දරුවා මවට අවනත නොවන බවත් අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

නිවාස දෙකකින් ලැබුණු පැමිණිල්ලක් විභාග කළ පොලිස් නිලධාරීන් විසින් මෙම දරුවා සිය භාරයට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

එහිදී දරුවා සන්තකයේ තිබී සොරකම් කරන ලද ජංගම දුරකථන දෙක සොයාගෙන ඇතිමුත් මුදල් සොයාගෙන ඇත්තේ රුපියල් 800ක් පමණක් වීම විශේෂත්වයකි.

ඒ පිළිබඳව දරුවාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සඳහන් කර ඇත්තේ සොරකම්කරන ලද මුදල්වලින් කොටසක් සිය නැගණියට ශ්‍රී පාදය වන්දනා කිරීමට යෑමට ලබාදුන් බවය.

පොලීසිය අධිකරණය වෙත වාර්තා කර ඇත්තේ දරුවා විසින් නිවාස දෙකෙන්ම රුපියල් 121,000ක මුදලක් සහ මිලෙහි එකතුව රුපියල් ලක්ෂයක් පමණ වටිනා ජංගම දුරකථන දෙකක් මෙලෙස සොරකම් කර ඇති බවය.

දරුවා පොලීසියට පවසා ඇත්තේ ඇතිවූ ආශාව මත එම ස්මාට් ජංගම දුරකථන 2 සොරකම් කළ බවය.

සත්‍ය වශයෙන්ම සොරකම් කර ඇති මුදල දරුවා විසින් වියදම් කර තිබේද සහ ඒවා වෙනත් ස්ථානයක සඟවා ඇත්ද යන්න සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

අම්බලන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

adaderana

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *