NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 19, 2024
Art Foreign News Hot News

ජොලි සීයා,උපේඛා,ඉන්ද්‍රචාපා, ඇතුළු කළා ශිල්පීන් පිරිසක් කුවෙට් හිදී අත්අඩංගුවට.!

  • August 4, 2024
  • 1 min read
ජොලි සීයා,උපේඛා,ඉන්ද්‍රචාපා,  ඇතුළු කළා ශිල්පීන් පිරිසක් කුවෙට් හිදී අත්අඩංගුවට.!
The short URL of the present article is: https://radioeka.lk/rs7i

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා සිටින්නේ ‘එතෙර අපි’ සංවිධානයේ කුවේට් ශාඛාව විසින් සංවිධානය කළ ‘ශ්‍රී ලංකන් සමර් නයිට්ස්’ සංගීත ප්‍රසංගය අතරතුරදී මෙරට කලා ශිල්පීන් ඇතුළු 24 දෙනකු කුවේට් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රසංගය සඳහා නිසි අවසරයක් ලබා නොගැනීම හේතුවෙනි.

ඒ අනුව ගායක ගායිකාවන්ට අමතරව එම ප්‍රසංගයට පැමිණි සංගීත කණ්ඩායම සහ එය සංවිධානය කළ පිරිස මෙන්ම සංගීත කණ්ඩායමේ වාදන භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.
 
කෙසේවෙතත් කුවෙට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත් වීම මත ඊයේ රාත්‍රී මෙම පිරිසෙන් 24 දෙනෙකු නිදහස් කරගෙන ඇති අතර සංවිධායක මණ්ඩලයේ දෙදෙනෙකු තවදුරටත් පොලිස් අත්අඩංගුවේ සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය. 

unusuma

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *