NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 16, 2024
Hot News Local News

කෝටි 618ක් වැය කළ බිම් සවිය පොළොවට ම වැළලෙයි!

  • August 19, 2024
  • 1 min read
කෝටි 618ක් වැය කළ බිම් සවිය පොළොවට ම වැළලෙයි!
The short URL of the present article is: https://radioeka.lk/iki2

ඉඩම් අමාත්‍යංශය යටතේ ඉඩම් හිමිකිරීමේ දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වූ බිම් සවිය වැඩසටහනට රජය විසින් රුපියල් කෝටි 618 කට අධික වියදමක් වැය කර ඇතත්. වසර 20කට අධික කාල සීමාවක්  ගත වී ඇති බවත්  එහි ආරම්භක අරමුණ ඉටු කර ගැනීමට රජය අපොහොසත් වී ඇතැයි 17-8 දින නිකුත් කරන ලද නවතම විගණයකින් අනාවරණය වේ.

ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ අදෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයට අදාළ  කාර්ය සාධන වාර්තාවේ මේ බව සඳහන්වේ. 1998 අංක 21 දරණ හිමිකම් නිරවුල් කිරීමේ පනත සම්මත වීමෙන් අනතුරුව  බිම් සවිය වැඩ සටහන දිවයිනේ දිස්ත්‍රික්ක 03 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 03 ක ආරම්භ කර ඇත. එහෙත් 2023 දෙසැම්බර් 31 වන දා වන විට දිස්ත්‍රික්ක 20 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 87 ක පමණක් ක්‍රියාත්මක වුවද එය ලංකාවම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ හැකි කාල පරාසයක් හා සැලැස්මක්  සකස් කර නොතිබූ බව එම විගණන වාර්තාව මගින් අනාවරණය වේ.

රජය විසින් බිම් සවිය වැඩ සටහන වෙනුවෙන් වැය කර ඇති සමස්ථ පිරි වැය රුපියල් කෝටි 618,372 ක් වේ. 2002 වර්ෂයේ දී එය හෝමාගම හා තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශ වල  ආරම්භ කර දැනට වසර 21කට ආසන්න කාලයක් ගත වී තිබුණ ද 2023 දෙසැම්බර් මාසය වන විට ඒ අවසන් කිරීමට නොහැකි වී ඇත.  රජය විසින් මෙම බිම් සවිය වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 87 ක හා ග්‍රාම නිලධාරී කොට්ඨාශ 4728 ක ක්‍රියාත්මක කෙරෙ.

ඉන්  මැනුම් කටයුතු අවසන් කර ඇත්තේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 1449 ක පමණි. එනම් 31% ක පමණි. 2023 ඔක්තෝම්බර් 31 වන දා වන විට කොට්ඨාශ 26 කට අයත් කිසිඳු මැනුම් කටයුත්තක් ආරම්භ කර නොතිබිණි.

අම්පාර මුලතිව් කිලිනොච්චිය හා මන්නාරම ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල මෙම බිම් සවිය ආරම්භ කර නොතිබූ බව විගණය සඳහන් කරයි.  ලියාපදිංචි කිරීමට  ගැසට් කළ මුලු බිම් කැබලි සංඛ්‍යාව දාසය ලක්ෂ හැත්තෑ එක්දහස් හාරසීය 17 ක් වන අතර ඉන් හිමිකම්  නිරවුල් කිරීමේ කොමසාරිස් විසින් අනුමත කර ඇත්තේ 58% ක් හෙවත් කැබලි නවලක්ෂ හැත්තෑ දෙදහස් පන්සීය අනූ දෙකක් පමණක් බවට විගණනය මගින් අනාවරණය වි තිබුණි. 

චන්දන සමරවික්‍රම

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *