NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 16, 2024
Foreign News Hot News

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පැය 48ක හදිසි තත්වයක් ප්‍රකාශ කරයි

  • August 25, 2024
  • 1 min read
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පැය 48ක හදිසි තත්වයක් ප්‍රකාශ කරයි
The short URL of the present article is: https://radioeka.lk/crih
හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම ඊශ්‍රායල හමුදාවට ඊශ්‍රායල පුරවැසියන්ට උපදෙස් ලබා දීමට හැකි වන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාර පිළිබඳ පුවත් මධ්‍යයේ පවසයි.

ඒ අනුව ඊශ්‍රායලය පැය 48 ක රටපුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ ලෙබනනය පදනම් කරගනිමින් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට මහා පරිමාණ ප්‍රහාරයක් ප්‍රකාශ කර ඇති බැවිණි.

මේ වන විට දෙරට අතර දැවැන්ත ප්‍රහාර එල්ලවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊශ්‍රායලය ඉලක්ක කර රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර 320කට වැඩි ප්‍රමාණයක් හිස්බුල්ලා සංවිධානය එල්ලකර ඇති බව ද වාර්තා වී තිබේ.

මෙම ප්‍රහාරය ඊශ්‍රායලය විසින් මින් මාසයකට පෙර සිය ප්‍රධාන හමුදාපති ෆවුඩ් ෂුකූර් (Fouad Shukur) ඝාතනය කිරීමට අදාළ පළිගැනීමක් ලෙස එම සංවිධානය අර්ථ දක්වා ඇත. 

මෙම ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ද හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *