NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 16, 2024
Hot News Local News

අභාවප්‍රාප්ත ඒ. ටී. ආරියරත්නගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරේ

  • April 17, 2024
  • 0 min read
අභාවප්‍රාප්ත ඒ. ටී. ආරියරත්නගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරේ
The short URL of the present article is: https://radioeka.lk/miaw

සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඊයේ (16) රාත්‍රී ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණි.

මියයන විට ඒ මහතා 93 වැනි වියේ පසුවුණි.

1931 වසරේදී උපත ලද ඒ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස කලක් කටයුතු කළ ආරියරත්න මහතා සර්වෝදය ශ්‍රමදාන පදනම බිහිකිරීම සඳහා මූලික අඩිතාලම දමන්නේ එම අවධියේදීය.

1950 දශකයේදී එතුමාගේ සංකල්පයකට අනුව බිහිකෙරුණු සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය දශක 06ක් පුරා මෙරට සරණක් අවැසි ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කළ සංවිධානයකි.

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන සංවිධානය වන සර්වෝදය ව්‍යාපාරය වෙනුවෙන් දෙස් විදෙස් ඇගයීම් රැසකට ද ආරියරත්න මහතා පාත්‍රවුණි.

ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙන් මෙරට පිරිනැමෙන ඉහළම සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය ඔහුට පිරිනැමෙන්නේ 2007 වසරේදීය.

එමෙන්ම පිලිපීනයේ රැමෝන් මැග්සේසේ සම්මානයට පවා එතුමා පාත්‍ර වූයේ සර්වෝදය ව්‍යාපාරය හරහා මෙරටට සිදුකළ සේවාව ඇගයීම වෙනුවෙනි.

ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාගේ දේහය අද පස්වරුවේ සිට මොරටුවේ පිහිටි සර්වෝදය මූලස්ථානයේ තැම්පත් කිරීමට නියමිතය.

ලබන 20 වනදා දහවල් 12.00 දක්වා එම ස්ථානයේ තැම්පත් කර තැබෙන ඒ.ටි. ආරියරත්න මහතාගේ දේහය එදින පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රය වෙත රැගෙන යාමට නියමිතය.

20 වනදා පස්වරු 4ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *