NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 16, 2024
Hot News Local News

අධික උණුසුම හේතුවෙන් මරණ අවදානමක්.. පාසල් දරුවන් අනතුරේ.!

  • February 26, 2024
  • 1 min read
අධික උණුසුම හේතුවෙන් මරණ අවදානමක්.. පාසල් දරුවන් අනතුරේ.!
The short URL of the present article is: https://radioeka.lk/jac6

මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසල් ක්‍රීඩා තරග, වාර්ෂික මහා ක්‍රිකට් තරග සහ එළිමහන් ක්‍රීඩා කටයුතුවලදී ජලය හෝ වෙනත් පාන වර්ග වැඩි වශයෙන් පානය කිරීම ඉතාම වැදගත් බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි.

ක්‍රීඩා තරග උදේ වරුවේ හෝ ඉර බැස ගිය පසුව සවස් කාලයේදී පවත්වන්නේ නම් විජලනය සෑහෙන දුරට වළක්වා ගත හැකි බවත් අධික අව් රශ්මිය පවතී නම් සෙවණ සහිත ස්ථානවල ක්‍රීඩා කටයුතු කිරීම වැදගත් ඉතාම වැදගත් බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි.

දරුවන් පාසල් යනවිට වතුර බෝතල් දෙකක් රැගෙන යෑම වැදගත් බවත් වතුර වැඩි වශයෙන් පානය කරන ලෙස ගුරුවරුන් දරුවන් දැනුවත් කළ යුතු බවත් අව්ව සහිත වේලාවන්හිදී එළිමහනේ සිටියදී සුදු සරල කපු ඇඳුමකින් සැරසී තොප්පියක් හෝ වෙනත් හිස් වැසුමක් පැළඳීම වැදගත් බවද සදහන් කරයි.

මේ දිනවල දිනකට දෙපාරක් හෝ දිය නෑම ඉතා සුදුසු බවත් දරුවන්ට වතුරේ බැස සිටීමට සැලැස්වීමද ප්‍රතිඵලදායක බවත් එවැනි ක්‍රියාමාර්ග අනුගමනය නොකළහොත් දරුවන්ට තාප කම්පන තත්වයන් ඇතිවී  මරණය පවා සිදුවිය හැකි බවද වෛද්‍යවරයා සදහන් කරයි.

දරුවන් වාහනවල රඳවා පිටතට යෑමෙන් වළකින්නැයි මවුපියන්ගෙන් ඉල්ලීමක් කරන බවත් අධික වියළි  කාලගුණය සමග නිසි වාතාශ්‍රය නොලැබීම හේතුවෙන් දරුවන් වාහන තුළදී තාප කම්පන තත්වයන්ට පත්වී මරණය පවා ඇතිවිය හැකි බවද වෛද්‍යවරයා සදහන් කරයි.

කුඹුරු වැඩ කරන, මාර්ගවල වැඩ කරන සහ හමුදාවේ විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන පිරිස් අධික විජලනයට ලක්විය හැකි හෙයින් වැඩි වශයෙන් වතුර පානය කිරීම වැදගත් බවත් දහඩිය සමග වැඩි වශයෙන් සෝඩියම් පිටවන හෙයින් විශේෂයෙන්ම ලවණ සහිත තැඹිලි නාරං කුරුම්බා, පොල් වතුර, කැඳ, දොඩම් සුප් වැනි පාන ගැනීම ඉතා සුදුසු බවද වෛද්‍යවරයා සදහන් කරයි.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *