NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Sport News

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු එක්දින තරගය අද

  • April 9, 2024
  • 1 min read
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු එක්දින තරගය අද
The short URL of the present article is: https://radioeka.lk/xs8f

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයට අදාළ පළමු එක්දින තරගය දකුණු අප්‍රිකාවේ ඊස්ට් ලන්ඩන්හි බෆලෝ පාර්ක් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (09 වැනිදා) පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30ට තරගය ආරම්භ වීමට නියමිත අතර අයි.සී.සී. කාන්තා එක්දින ශූරතා තරගාවලියට අදාළව මෙම තරගාවලිය පැවැත්වෙයි. දෙරට අතර පැවති විස්සයි – 20 තරගාවලිය ශ්‍රී ලංකාව තරග 2-1ක් ලෙසින් ජයගනු ලැබීය. ඒ අනුව පරාජයට පත්ව සිටින දකුණු අප්‍රිකානු කාන්තාවන් එම පරාජයේ වාඩුව ගැනීමට මේ තරඟාවලියේදී මහත් වෙහෙසක් දරනු ඇත.

මේ වන විටත් අයි.සී.සී. කාන්තා එක්දින ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට ළඟාවීමට මෙම තරගාවලියේ ප්‍රතිඵලය තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇත.

කාන්තා එක්දින ශූරතා තරගාවලියේ තරග 15කට එක්වී ඇති දකුණු අප්‍රිකානු කාන්තාවන් තරග 10ක් ජයගෙන ප්‍රසාද ලකුණු 20කට හිමිකම් කියද් දී ශ්‍රී ලංකා කාන්තාවන් තරග 15කදී ජයගෙන ඇත්තේ තරග 4ක් පමණි. එසේම ඔවුන්ට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 11ක් පමණි.

තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු සංචිතය එරට ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් පසුගියදා ප්‍රකාශයට පත් කර තිබිණි. ඊට 16 හැවිරිදි කඩුලු රකින්නියක වන කෙරාබෝ මේසෝ නම් කර තිබේ.

කුෂාන් සුබසිංහ

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *