NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News Political News

“මඩ ගහන සමාජ මාධ්‍ය තහනම් කරනවා” හරීන් අනතුරු අඟවයි.!

  • May 27, 2024
  • 1 min read
“මඩ ගහන සමාජ මාධ්‍ය තහනම් කරනවා” හරීන් අනතුරු අඟවයි.!
The short URL of the present article is: https://radioeka.lk/tmlv

විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම අරඹා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සදහන් කරයි.

ක්‍රිකට් ක්‍රීඩාවට පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව සමාජ මාධ්‍ය නියාමන පනත හරහා නෛතික පියවර ගන්නා බවද අමාත්‍යවරයා සදහන් කරයි.

අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ,

“සමාජ මාධ්‍ය කිහිපයක් ආයෙත් සූදානම් වෙලා ක්‍රිකට්වලට මඩ ගහන්න. ගොඩක් අය අද නොදන්න දේ මේ දඹුල්ල සිද්ධිය නිසා මටත් සනත් ජයසූරියටත් චෝදනා කරනවා. ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය 2019 දී පිහිටුවූයේ මමයි.

ලෝකේ නැති නීතියක් ලංකාවේ තිබීමම අපිට ශක්තියක්. අලුතෙන් ගෙනාපු ON LINE පනත හරහා මඩ ගහන සියලු දෙනාට නඩු පවරනවා. සියලු දෙනාගේ සමාජ මාධ්‍ය තහනමකට ලක්වෙනවා. එකම චෝදනා කරන කට්ටියක් එකම නාලිකාවක් අල්ලගෙන අපිට මඩ ගහනවා.”

ශ්‍රී ලංකාවේ ප්‍රථම ගොල්ෆ් ඇකඩමිය විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *