NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News

 ජීවිත අනතුරේ… වීදුරු කැබලි හා කැරපොතු කොටස් සහිත ඖෂධ ගෙන්වයි..!

  • May 27, 2024
  • 1 min read
 ජීවිත අනතුරේ… වීදුරු කැබලි හා කැරපොතු කොටස් සහිත ඖෂධ ගෙන්වයි..!
The short URL of the present article is: https://radioeka.lk/ezpw

ප්‍රතිජීවක ඖෂධ, ආසාත්මිකතා, ඇඳුම, පිළිකා, හෘද රෝග, අක්ෂි ආසාදන හා වකුගඩු රෝග සඳහා භාවිතා කරන ඖෂධ වර්ගවල වීදුරු කැබලි සහ මැරුණු කැරපොත්තන් තිබී හමුවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

ඇතැම් ඖෂධවල දෘශ්‍ය අංශු පැවැතීම, පෙති කැඩී යාම, වර්ණය වෙනස්වීම, නියමිත පිරිවිතරයන්ට අනුකූල නොවීම, අහිතකර ප්‍රතික්‍රියා හේතුවෙන් මරණ සිදුවීම, ක්ෂුද්‍ර ජීවී ආසාදන වැනි ලක්ෂණ හා විවිධ ප්‍රතිපල රැසක් හදුනාගෙන ඇති බව එම වාර්තාවේ සදහන් වේ.

මේ හේතුවෙන් රජයේ රෝහල් සඳහා පසුගිය 2022 වසරේ නිකුත් කළ වෛද්‍ය සැපයීම්වලින් රුපියල් කෝටි 35 ක් වටිනා ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය තත්වයෙන් අසමත් වීම මත භාවිතයෙන් ඉවත් කර තිබූ බවද එම වාර්තාවේ සදහන් වේ.

තවත් රුපියල් කෝටි 3ට වැඩි වටිනා ඖෂධ තත්වයෙන් අසමත්වීම හේතුවෙන් භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබූ බවත් විගණන නිලධාරින් වසර ගණනාවක් තිස්සේ මේ සම්බන්ධයෙන් අනාවරණය කළ ද එය අවම කර ගැනීමට කටයුතු කර නොතිබුණු බවද එම වාර්තාවේ සදහන් වේ.

සැපයුම්කරුගේ සුදුසුකම් හා ඖෂධයේ තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීමෙන් තොරව ඖෂධ සැපයීමට පහසුකම් ලබාදීමෙන් ඖෂධ සම්බන්ධයෙන් අවදානමක් මතුවන බවද විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.

unusuma

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *