NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 19, 2024
Hot News Political News

පොහොට්ටුව දෙකඩ වෙයි: රාජපක්ෂලා එක පිලකට

  • July 31, 2024
  • 0 min read
පොහොට්ටුව දෙකඩ වෙයි: රාජපක්ෂලා එක පිලකට
The short URL of the present article is: https://radioeka.lk/bsn5

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගත් තීරණයත් සමඟ එම පක්ෂය දෙකඩවීමෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇත.

මේ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ නිපුණ රණවක යන රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැතිව එක පිලක සිට සිය මැතිවරණ ප්‍රචාරක ජාලය ඉදිරි දිනවල සංවිධාන කිරීමට සිදුවනු ඇතැයි විචාරකයෝ සඳහන් කරති.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයත් සමඟ එම පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයන්ද දැඩි ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී සිටින අතර ඔවුන්ද සිය ස්ථාවරයන් ඉදිරි දිනවල ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයක් සමඟ මැතිවරණ වේදිකාවද දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර තම තමන්ගේ ශක්තිය පෙන්වීමේ අරමුණු කරගත් මන්ත්‍රී පිල් මාරුවීම් කිහිපයක්ද ඉදිරි දිනවල සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *