NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Education Hot News Local News

AI ඉගැන්වීමේ නියමු ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

  • March 20, 2024
  • 1 min read
AI ඉගැන්වීමේ නියමු ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි
The short URL of the present article is: https://radioeka.lk/r4im

අටවන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රිම බුද්ධිය හැදෑරීමට අවස්ථාව ලබා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රසොෆට් සමාගම අතර ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී අදාළ ගිවිසුම අත්සන් තැබූ බව ජනාධිපති මාධය අංශය සඳහන් කළේය.

දිස්ත්‍රික් 20ක් අතරින් තෝරාගත් පාසල් 20ක අට ශ්‍රේණියෙන් ඉහළ සිසුන් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය සුහුරු පංති කාමර සහ තාක්ෂණික උපකරණ ලබාදීමට කටයුතු කරන අතර අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වාගෙන යාමට මයික්‍රසොෆට් ආයතනය සහය ලබාදීමට නියමිතය.

මෙම ගිවිසුමට අත්සන් තැබීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මයික්‍රසොෆට් සමාගමේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ද ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.

adaderana

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *