NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News

ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ මිල පහළට.!

  • December 6, 2023
  • 0 min read
ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ මිල පහළට.!
The short URL of the present article is: https://radioeka.lk/usmx

බම්බලපිටිය ලෝරිස් පාරේ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යමින් මාර්ගස්ථ (ඔන්ලයින්) ක්‍රමයට අධ්‍යාපනය ලබාදෙන බව පවසා තරුණ තරුණියන් දහස් ගණනක් රවටා කෝටි ගණනක මුදල් ඉපැයූ බව කියන තරුණ කාන්තාවක ඇතුළු 5දෙනකු බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ව්‍යාජ අධ්‍යාපන ආයතනයට මුදල් යෙදවූ තරුණ තරුණියන් 43 දෙනකු විසින් බම්බලපිටිය පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

දේශීය සහ විදේශී රැකියා සඳහා අවශ්‍ය ඩිප්ලෝමා සහතික ලබාදෙන බව කියමින් මුහුණුපොතේ දැන්වීම් පළකර දිවයිනේ විවිධ ප්‍රදේශවල සිසුන් බඳවාගෙන ඔවුන්ගෙන් රුපියල් ලක්‍ෂයේ සිට ලක්‍ෂ 5 දක්වා මුදල් ලබාගෙන මෙම වංචාව කර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

ඔන්ලයින් ක්‍රමයෙන් මෙම ව්‍යාජ අධ්‍යාපන ආයතනයේ ඩිප්ලෝමා හැදෑරූ සිසුන් වෙනුවෙන් සහතික ලබාදී ඇතත් ඒවා ජාත්‍යන්තරව පිළිගන්නා ප්‍රමිතියෙන් තොර සහතික බව ද හෙළි වී තිබේ.

සැකකාරිය මෙම ව්‍යාජ අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂවරියක වන අතර මේ ආකාරයට රටේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් 1000 කට වැඩි පිරිසක් රවටා මුදල් ලබාගෙන ඇති බවද හෙළි වී තිබේ.

බම්බලපිටිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *