NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News Sport News

ක්‍රිකට් ආයතනය තරුෂිට මිලියන 11ක් දෙයි

  • November 18, 2023
  • 0 min read
ක්‍රිකට් ආයතනය තරුෂිට මිලියන 11ක් දෙයි
The short URL of the present article is: https://radioeka.lk/60cg

ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් හා රිදී පදක්කමක් ජයග්‍රහණය කළ තරුෂි කරුණාරත්න වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 11ක මුදලක් ප්‍රදානය කළේය.

මෙහිදී ඇයගේ රන් පදක්කම වෙනුවෙන් රුපියල් මිලියන 10ක් හා ලෝකඩ පදක්කම වෙනුවෙන් රුපියල් මිලියනක මුදලක් පරිත්‍යාග කෙරිණි.

එසේම තරුෂි ඇතුළුව ආසියානු ක්‍රීඩා උලෙලේදී ශ්‍රි ලංකාව වෙනුවෙන් සිය දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11කට හා පුහුණුකරුවන් දෙදෙනෙක් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 28ක මුදලක් ලබාදීමට කටයුතු කෙරිණි.

පුහුණුකරුවන් වන සුසන්ත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 20ක ත්‍යාගයක්ද ප්‍රදීප් නිහාන්ත රුපියල් ලක්ෂ 10ක මුදලක් ද පිරිනමා තිබේ. මෙම ඇගැයීමට ලක් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනික සමාජ සත්කාරක වගකීම් ඉටු කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙසින් සිදු කළ බවයි ඔවුන් සඳහන් කරයි.

මේ අතර ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ද ඔවුන් ලද ජයග්‍රහණ වෙනුවෙන් උපහාර පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරි දින කිහිපයේදී සැලසුම් කර ඇත.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *