NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News

මෙරට අයි.එස්.අයි.එස් මහ ත්‍රස්තයා කොටුවෙයි.!

  • June 2, 2024
  • 1 min read
මෙරට අයි.එස්.අයි.එස් මහ ත්‍රස්තයා කොටුවෙයි.!
The short URL of the present article is: https://radioeka.lk/1blv

ISIS ත්‍රස්ත සංවිධානයේ මෙරට ප්‍රධානියා ඊයේ රාත්‍රියේ කොළඹදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.

46 හැවිරිදි ඔස්මන්ඩ් ජෙරාඩ් නමැති විත්තිකරු දෙමට ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා මෙහෙයවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පසුගිය සෙනසුරාදා පොලිසිය මහජනතාවගේ සහය පැතීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ත්‍රස්ත විමර්ශන අංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මේ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *