NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News

විජයදාස නිතරඟයෙන් සභාපති පුටුවට

  • May 13, 2024
  • 1 min read
විජයදාස නිතරඟයෙන් සභාපති පුටුවට
The short URL of the present article is: https://radioeka.lk/2w0i

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් සහ විධායක සභාවෙන් ඊයේ (12) ඉල්ලා අස්විය.

ඒ අනුව පක්ෂයේ නව සභාපති ලෙස එම පාර්ශ්වය විසින් ඒකමතිකව පත්කරගනු ලැබුවේ රජයේ අමාත්‍යවරයකු වන විජයදාස රාජපක්ෂ මහතාය.

කෙසේවෙතත් නිමල් සිරිපාල පාර්ශ්වය පැවසුවේ එලෙස රැස්වූ විධායක සභාව මෙන්ම නව පත්කර ගැනීමද නීත්‍යනුකූල නොවන බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන පාර්ශ්වය අද පිටකෝට්ටේ පෞද්ගලික උත්සව ශාලාවකදී විධායක සභා රැස්වීමක් කැඳවූ අතර එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති තනතුරෙන් හා විධායක සභාවෙන් ඉල්ලා අස්වී තිබුණි.

නව සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාව පත්කිරීමට එම විධායක සභාව තීරණය කර ඇත්තේ ඉන් පසුවය. 

නව සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා,

“ඉදිරි මාස 7 – 8 කාලය මේ රටට ඉතාම වැදගත්. මැතිවරණ 4ක් පවත්වන්න නියමිතයි. අනිවාර්යයෙන් ඔක්තෝම්බර් 17ට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඊට පස්සේ පාර්තිමේන්තු මැතිවරනය පවත්වන්නට ඕනේ. මේ රටට ගැළපෙන ධාර්මික දේශපාලනික සංස්කෘතික් හදන්න ඕනේ. අපිට අනෙකුත් පක්ෂ ගැන කථා කරන්න ඕනේ නෑ. ඒ බලවේගය හදන්න පුළුවන් අයශ්‍ය න්‍යෂ්ටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුයි. අපි ඒ සියලුදෙනාට නැවත වතාවක් ආරාධනා කරනවා යළි එකතුවෙන්න. අපිට ඕනේ කියලා නෙ‍මෙයි. අනාථ වෙන්න එපා, අපිත් එක්ක එන්න කියලා. “

එසේම නව වැඩබලන මහලේකම්වරයා ලෙස නීතිඥ කීර්ති උඩවත්ත මහතා පත්වී තිබේ.

මෙම නව පත්කිරීම් සිදුකෙරෙන අවස්ථාව වනවිට, නිමල් සිරිපාල පාර්ශ්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයට කැඳවා සාකච්ඡාවක් පවත්වමින් සිට තිබුණි.

අනතුරුව එම පාර්ශ්වයේ නියෝජිතයින් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වුණි.

adaderana

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *