NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News

දෙහිවල ගුවන් පාලමේ අනතුර

  • April 16, 2024
  • 0 min read
දෙහිවල ගුවන් පාලමේ අනතුර
The short URL of the present article is: https://radioeka.lk/d6qw

ඉකුත් 13 වැනිදා පස්වරුවේ අලුත් අවුරුදු උදාවත් සමග දෙහිවල ගුවන් පාලම මැදදී වෑන් රථයක් හා කැබ් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් ලත් තුවාල සහිත එහි රියැදුරන් දෙදෙනා දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත යොමු කළ බව දෙහිවල පොලිසිය පැවසීය.

මෙම වෑන් රථය හා කැබ් රථය දෙදිසාවෙන් පාලම මතට පැමිණ ඇති අතර වෑන් රථයේ රියැදුරු හට නින්ද යෑම නිසා ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයේ ගැටී අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි. අනතුරට පත් වාහන දෙකේ ඉදිරිපස තැලී පොඩිවී ගොස් තිබිණි.

දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. එම්. ලලිත් මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ඥානතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *