NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News

ජාතියක් දේශයක් ලෝකයක් ඉදිරියට යනු ලබන්නේ අලුත්වීමෙන් – ජනපති

  • April 14, 2024
  • 0 min read
ජාතියක් දේශයක් ලෝකයක් ඉදිරියට යනු ලබන්නේ අලුත්වීමෙන් – ජනපති
The short URL of the present article is: https://radioeka.lk/cwxw

අලුත්වීම ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ජාතියක් දේශයක් ලෝකයක් ඉදිරියට යනු ලබන්නේ අලුත්වීමෙන් බවය.

සාම්ප්‍රදායික අවුරුද්දට අලුත් වීම කැලැන්ඩර් අවුරුද්දට අලුත් වීම සෘතුවෙන් සෘතුවට අලුත් වීම ආදී වශයෙන් ලෝකයේ රටවල ජනතාව ඔවුන්ට ලැබී ඇති අවස්ථාවන් හීදී අලුත් වන බව සිය අලුත් අවුරුදු පණිවුඩය නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ අප අලුත් වන්නේ ද සබඳතාවය සහ සාමූහිකත්වය කේන්ද්‍ර කොටගෙන වන බවත් ලෝකයේ ඕනෑම රටක සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍රයන් සැකසී ඇත්තේ මෙම කරුණු පදනම් කරගෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

අලුත් අවුරුද්දේ රටක් වශයෙන් නිවැරදි මඟක ඉදිරියට යාමට අවශ්‍ය මුලීක සාධකයන් වනුයේ ද සමාජ සබඳතාවය සහ සාමූහිකත්වය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් පණිවුඩයෙන් දැනුම් දෙයි.

මේ අතර නවමු සංකල්පයන් තුළින් පෝෂිත අලුත් අවුරුද්දක් අදින් ඇරඹිය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය අපගේ දූ දරුවන් සතු වන අතර එම අසිරිය මතු පරපුර උදෙසා රැකදීම අප සැමගේ යුතුකම බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

ආහාර හා ආර්ථික අර්බුදයකට මුහුණ දී රට බත බුලතින් සරි කරන්නට අභියෝගාත්මකව ගොවි ජනතාව සිදුකළ මෙහෙය අලුත් අවුරුද්දේ කෘතවේදීව සිහිපත් කළ යුතු බව සිය අලුත් අවුරුදු පණිවුඩය මගින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අභිමානවත් දේශයක් බිහි කිරීමට සැවොම එකාමෙන් අත්වැල් බැදගත යුතු බව සිය අලුත් අවුරුදු පණිවුඩය නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ වසරේ ජනතාව අපේක්ෂා කරන පාලනයක් රටතුළ බිහි වී නැවතත් මාතෘ භූමියට සෞභාග්‍ය උදාවනු ඇති බවට තමා විශ්වාස කරන බව විපක්ෂ නායකවරයා පවසයි.

රට තුළ පවතින නව සාමාන්‍යකරණය අවසන් කර පෙර පැවති ජීවන තත්ත්වයට රට ගෙනයාමේ දැවැන්ත අභියෝගයක් අප සතුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *