NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News

මාස තුනට සංචාරකයින්ගේ වාර්තාගත වැඩිවීමක්

  • March 20, 2024
  • 1 min read
මාස තුනට සංචාරකයින්ගේ වාර්තාගත වැඩිවීමක්
The short URL of the present article is: https://radioeka.lk/r50r

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු මස 19 වැනිදා තෙක් ගුවන් මගීන්  850,000ක් ගුවන්තොටුපළ සේවා ලබාගෙන ඇතැයි  ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සභාපති අතුල ගල්කැටිය මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සහ රට තුළ ගොඩනැඟී ඇති සාමකාමී පරිසරය හේතුවෙන් විදෙස් සංචාරකයන්ගේ පැමිණිම ඉහළ ගොස් ඇතැයි ද ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් මගීන් වැඩි වශයෙන් භාවිතා කරන ස්ථානයක් වී තිබෙන්නේ යැයිද ගල්කැටිය මහතා කීය.

මේ වසර අවසානය වන විට ගුවන් මගීන් කෝටියක්  ගුවන්තොටුපළ භාවිත කරනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු සඳහන් කළේය.

2022 වසරේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කළ සමස්ත මගින් ප්‍රමාණය ලක්ෂ 50ක්  බවත් 2023 වසරේදී එම ප්‍රමාණය ලක්ෂ 80ක්  දක්වා වැඩි කර ගැනීමට හැකි වූ බවත් ගල්කැටිය මහතා පෙන්වා දුන්නේය.

(අංජුල මහික වීරරත්න)

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *