NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Education Hot News Local News

2024 පාසල් වාර සටහන නිකුත් වෙයි.

  • March 3, 2024
  • 0 min read
2024 පාසල් වාර සටහන නිකුත් වෙයි.
The short URL of the present article is: https://radioeka.lk/fgwt

අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2024 වසරේ සංශෝධිත පාසල් වාර සටහන ප්‍රකාශයට පත් කර ඇත.

පෙබරවාරි මස (19) වනදා ආරම්භ වු පළමු පාසල් වාරයේ පළමු අදියර එළඹෙන අප්‍රේල් මස (10) වනදා දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

පළමු වාරයේ දෙවන අදියර එළඹෙන අප්‍රේල් මස (24) වනදා සිට මැයි මස (03) වනදා දක්වා ක්‍රියාත්මක වන බවද අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ආරම්භ වන පළමු පාසල් වාරයේ තෙවන අදියර එළඹෙන මැයි මස (20) වනදා සිට මැයි මස (31) වනදා දක්වා ක්‍රියාත්මක බවද සදහන් කරයි.

දෙවන පාසල් වාරය එළඹෙන ජුනි මස (03) වනදා සිට අගෝස්තු මස (16) වනදා දක්වා ක්‍රියාත්මක වන බවද එම අමාත්‍යංශය සදහන් කරයි.

තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු මස (26) වනදා සිට නොවැම්බර් මස (22) වනදා දක්වාත් උසස් පෙළ විභාගයෙන් අනතුරුව තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025 වසරේ ජනවාරි මස (02) වනදා ආරම්භ කිරීමට නියමිතව ඇත.

තවද 2024 වසරේ තෙවන පාසල් වාරය අවසන් වීමට නියමිතව ඇත්තේ එළඹෙන 2025 වසරේ ජනවාරි මස (17) වනදා බවද අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *