NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Sport News

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය උප නායක චරිත් අසලංකට

  • February 26, 2024
  • 1 min read
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය උප නායක චරිත් අසලංකට
The short URL of the present article is: https://radioeka.lk/0h8f

ශ්‍රී ලංකා පන්දු වාර විස්සයි 20 කණ්ඩායමේ නායක වනිදු හසරංගට පන්දු වාර 20-20 තරග දෙකක තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (ෂක්‍ක්‍) පියවර ගැනීම හේතුවෙන් බංග්ලාදේශය සමග ආරම්භ වන පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය උප නායක චරිත් අසලංකට පැවරීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ ආරම්භක තරගාවලිය ලෙස මෙම පන්දු වාර 20-20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන අතර ඒ අනුව එම මුල් තරඟ දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායම චරිත් අසලංක යටතේ ක්‍රීඩා කිරීමට නියමිත වේ.

ඇෆ්ගනිස්තානය සමග පැවැති තෙවැනි හා අවසන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේදී විනිසුරුවරයා විසින් ලබා දුන් තීරණයකට විරෝධය පළ කිරීම හේතුවෙන් වනිදු හසරංගට අදාළ තරග තහනම පැනවීමට අයිසීසී ය කටයුතු කළේය.

මෙම වරද නිසා ඔහුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණු 3 ක් පනවා ඇති අතර, මීට පෙර ද ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණු දෙකක් ඇතුළත්ව තිබීම හේතුවෙන් මාස 24ක කාලයක් තුළ ඔහුගේ විනය වාර්තාවේ දඬුවම් ලකුණු ප්‍රමාණය 5 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව ලකුණු 5 ක අදාළ දඬුවම් ලකුණු සංඛ්‍යාව අත්හිටුවීමේ ලකුණු දෙකක් (two suspension points) ලෙස පරිවර්තනය වී එක් ටෙස්ට් තරගයක තහනමකට හෝ එක්දින හෝ පන්දු වාර 20-20 තරග දෙකක හෝ තහනමකට ක්‍රීඩකයා යටත් වේ.

මේ හේතුවෙන් ලබන මස 04 සහ 06 දෙදිනේ බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන මුල් තරග දෙකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව වනිදු ට අහිමි වේ.

ඊට අමතරව වනිදු හසරංගට අදාළ තරග ගාස්තුවෙන් සියයට 50 ක දඩ මුදලක් ද නියම කිරීමට තීරණය කර ඇත.

වනිදු වෙනුවට එම තරග දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට නියමිත චරිත් අසලංක පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමේ උප නායකයා වේ.

එමෙන්ම තරග 41 ක් ක්‍රීඩා කර ලකුණු 915 ක් ලබා ඇති චරිත් අසලංකගේ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් සටහනේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වන්නේ බංග්ලාදේශයට එරෙහිව සාජා හිදී නොදැවී ලකුණු 80 ලබා ගැනීමයි.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති පන්දු වාර 20-20 තරගාවලියේ තරගයේ අවසන් පන්දු 3 තුළ දී තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 11 ක් අවශ්‍යව තිබියදී පිතිකරු කමිදු මෙන්ඩිස් ගේ ඉනට ඉහළින් ඇදී ආ පන්දුව නිපන්දුවක් ලෙස නම් කිරීමට විනිසුරුවරු කටයුතු නොකිරීම මත වනිදු විසින් අදාළ විනිසුරුවරයා විවේචනය කිරීමට කටයුතු කළේය.

කුෂාන් සුබසිංහ

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *