NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 7, 2024
Hot News Local News

2024 සිට ආදාහනාගාරත් ඔන්ලයින්

  • December 9, 2023
  • 1 min read
2024 සිට ආදාහනාගාරත් ඔන්ලයින්
The short URL of the present article is: https://radioeka.lk/8yb7

පළාත් පාලන ආයතන යටතේ තිබෙන ආදාහනාගාර ලබන වසරේ (2024) සිට මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ වෙන් කර ගත හැකි ලෙස පහසුකම් සැලසීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ජනතාවට දිවයිනේ සෑම පළාත් පාලන ආයතනයකටම මාර්ගගත (Online) ක්‍රමයට අක්කරබදු ගෙවීමේ පහසුකම මේ වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට සකස් කර අවසන් කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති ජනක වක්කුඹුර මහතා කීවේය. මේ වන විට පළාත් පාලන ආයතන රැසක එම කටයුතු අවසන් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය. එමෙන්ම, පළාත් පාලන ආයතනවලට අනෙකුත් බදු ද ලබන වසරේ සිට මාර්ගගත ක්‍රමයට ගෙවීමට හැකි පරිදි වැඩපිළිවෙළක් සකස් කරන බවද ඔහු පැවැසීය.

එමෙන්ම පළාත් පාලන ආයතන යටතේ පාලනය වන ක්‍රීඩා පිටි වෙන් කරගැනීම, ගමේ අක්‍රියව තිබෙන වීදි ලාම්පු යළි යථා තත්ත්වයට පත්කර ගැනීම, ජල හෝ ගලි බවුසරයක් ආදී කටයුතු ද මාර්ගගත ක්‍රමයටම සපයා ගැනීමට මහජනතාවට අවකාශය සපයන බවත් මේ අනුව මහජනතාවට එම කටයුතු සඳහා පළාත් පාලන ආයතනවලට පැමිණීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවද ඇමැතිවරයා කීවේය.

ජනතාවට සිය ඉදිකිරීම් කටයුතුවලදී අවශ්‍ය වන බැකෝ යන්ත්‍ර, ගල් රෝල ආදිය පළාත් පාලන ආයතනවලින් සාධාරණ මුදලකට කුලියට ලබාගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරන බවද ඇමැතිවරයා කීවේය.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *