NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 19, 2024
Hot News Local News

සැමියා පැදවූ යතුරු පැදිය බස් රථ දෙකක ගැටී බිරිඳ ජීවිතක්ෂයට

  • July 31, 2024
  • 1 min read
සැමියා පැදවූ යතුරු පැදිය බස් රථ දෙකක ගැටී බිරිඳ ජීවිතක්ෂයට
The short URL of the present article is: https://radioeka.lk/h6fr

ත්‍රිකුණාමලය – පුත්තලම ‘ඒ 12’ ප්‍රධාන මාර්ගයේ, නොචිචියාගම නගර මධ්‍යයේදී ඊ‍යේ (30දා) පස්වරුවේ යතුරු පැදියක් සුඛෝපභෝගී  බස් රථයක ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ බව නොච්ච්යාගම  පොලිසිය පවසයි. 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, රාජාංගනය යාය 15 පහලමාරගහවැව  ප්‍රදේශයේ පදිංචිව සිටි, එම්. දිනේෂා දිල්හානි නැමැති 34 හැවිරිදි කාන්තාවකි. 

අඹු සැමි යුවලක් පහලමාරගහවැව  දෙස සිට අනුරාධපුර දෙසට යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී, නොච්චියාගම  බස් නැවතුම අසල ප්‍රධාන මාර්ගයේ  නතර කර තිබූ බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී යතුරු පැදිය එම බස් රථයේ ගැටී පසු පැදිකාරිය මාර්ගය, මැදට ඇද වැටී ඇති බව පොලිසිය කියයි. 

එම අවස්ථාවේදී එම දිශාවටම අධික වේගයෙන් කොළඹ සිට යාපනය දක්වා ගමන් කල බස් රථයේ මරණකාරිය ගැටී ඇති අතර ඇගේ හිස, බස් රථය පිටුපස රෝද යුගලයට හසු වී හිස කඳෙන් වෙන් වී මීටර් 21ක් පමණ දුරකට ඇදී ගොස් ඇති බව පොලිසිය කියයි. 

අනතුරින් යතුරු පැදිය පැදවූ මරණකාරියගේ සැමියා වන ඉහත ලිපිනයේ පදිංචි රාජපක්ෂ  පේඩිගේ ආනන්ද සරත් කුමාර නමැති අය මෙම අනතුරින් තුවාල ලබා, නොමැති බවද පොලිසිය සඳහන් කළේය. 

අනතුරට සම්බන්ධ බස් රථයේ රියැදුරු වන යාපනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. 

දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා නොචිචියාගම රෝහලේ තැන්පත් කර තිබුණි. 

නොච්චියාගම  පොලිස්  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. එස්. කුමාරසේන  මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් මෙම අනතුර සම්බන්ධයෙන්  වැඩි දුර විමර්ශන සිදු කරති.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *