NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News

වෙළෙඳපොළේ සීනි සහ සම්බා සහල් හිඟයක්

  • November 19, 2023
  • 1 min read
වෙළෙඳපොළේ සීනි සහ සම්බා සහල් හිඟයක්
The short URL of the present article is: https://radioeka.lk/dmfi

සහල් සහ සීනි සඳහා පාලන මිලක් නියම කිරීමට රජය කටයුතු කිරීම හේතුවෙන් වෙළෙඳපොළේ මේ වන විට සීනි සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී තිබේ.

මේ හේතුවෙන් සීනි සහ සහල් මිල දී ගැනීම සඳහා වෙළෙඳපොළට පැමිණි පාරිභෝගිකයන් ද දුෂ්කරතාවට පත් ව ඇති බව වාර්තා වේ. 

ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා 2020 වසරේ සිට පැවති ශත 25ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දැමිමට පසුගියදා රජය පියවර ගත්තේය.

බදු වැඩි කිරීමත් සමඟ බොහෝ වෙළෙඳුන් සීනි මිල ඉහළ දැමූ අතර, එය පාලනය සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට රජයට සිදු විය.

ඒ, සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 275ක් සහ දුඹුරු සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 330ක් ලෙසිනි.

පවතින සීනි හිඟය සම්බන්ධයෙන් පිටකොටුව තොග වෙළෙඳුන් ගෙන් කළ විමසීමේ දී ඔවුන් ද සඳහන් කළේ, අලෙවිය සඳහා සීනි තොග නොලැබෙන බවයි.

මේ හේතුවෙන් සීනි මිල දී ගැනීම සඳහා වෙළෙඳපොළට පැමිණි පාරිභෝගිකයන් ද දුෂ්කරතාවට පත් ව සිටිනු දක්නට ලැබිණි.

වෙළඳපොළේ පවතින සීනි හිඟයට අමතර ව මේ වන විට සම්බා සහ කීරි සම්බා සහල් හිඟයක් ද නිර්මාණය වී තිබේ.

සහල් මිල දී ගැනීම සඳහා අද දිනයේත් වෙළෙඳපොළට පැමිණි බොහෝ පාරිභෝගිකයන්ට සිදු වූයේ සහල් නොමැති ව ආපසු හැරී යාමටයි.

කෙසේ වෙතත් පනවා ඇති පාලන මිලෙන් බැහැර ව සීනි සහ සහල් අලෙවි කරන පුද්ගලයන් සොයා සිදු කරන වැටලීම් අඛණ්ඩ ව දියත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *