NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News

වායු දූෂණය ඉහළ යයි

  • March 7, 2024
  • 0 min read
වායු දූෂණය ඉහළ යයි
The short URL of the present article is: https://radioeka.lk/zu4e

ගත වූ පැය 24 ක කාලය තුළ වායු තත්ත්වය විශාල වශයෙන් දුෂණය වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
එම දර්ශකයට අනුව කොළඹ වායු දූෂණ අගය 127ක් ලෙස සටහන් වූ අතර එම තත්ත්වය සංවේදී පුද්ගලයින්ගේ සෞඛ්‍යමය වශයෙන් අහිතකර බලපෑමක් ඇති විය හැකි බවද සදහන් කරයි.

තවද වායු දූෂණ දර්ශකය ගාල්ල කරාපිටියේ 90ක්ද, පුත්තලම නගරයේ 88ක්ද, කුරුණෑගල සහ අනුරාධපුරය නගරවල 86ක් වශයෙන් සටහන් වන බවද සදහන් වෙයි.

රටේම වායු දූෂණය දර්ශකයේ 50 සීමාව ඉක්මවා තිබීම සංවේදී පුද්ගලයින්ට බලපෑමක් ඇති වීමේ අවධානමක් පැවතිය හැකි බැවින් මේ පිළිබඳව ජනතාව අවධානය පසුවන්නැයි එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *