NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 7, 2024
Foreign News Hot News

ලෝක රූ රැජිණ කිරුළ ක්‍රිස්ටිනා දිනා ගනී

  • March 10, 2024
  • 1 min read
ලෝක රූ රැජිණ කිරුළ ක්‍රිස්ටිනා දිනා ගනී
The short URL of the present article is: https://radioeka.lk/1b72

මෙවර ලෝක රූ රැජින කිරුළ චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා විසින් හිමිකරගෙන තිබේ.

එහිදී අනුශූරිය ලෙස ලෙබනනයේ යස්මිනා සයිටූන් පත් වූවාය.

71 වෙනි ලෝක රූ රැජින කිරුළ ඉන්දියාවේ මුම්බායිහිදී BKC හි Jio World Convention Center හිදී ඊයේ (09) රාත්‍රී අතිඋත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.

එම තරගාවලිය සඳහා රටවල් 115ක තරගකාරිනියන් සහභාගී වූ අතර චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා එහිදී ලෝක රූ රැජින කිරුළ හිමිකර ගැනීමට සමත් වූවාය.

අනුශූරිය ලෙස ලෙබනනයේ යෂ්මිනා සයිටූන් තේරී පත්ව තිබුණාය.

වසර 28කට පසු එම තරගාවලියේ සත්කාරකත්වය දැරූ ඉන්දියාව නියෝජනය කළ 22 හැවිරිදි සිනී ෂෙට්ටි තරගාවලියේ පළමු 08 දෙනා අතරට තේරී පත්වීම වි‍ශේෂත්වයකි.


මෙම තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාවින්දි නෙත්මිනී කෞශල්‍යාද සහභාගි වූවාය.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *