NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 7, 2024
Hot News Local News

ලෝකයේ විෂ සහිත ආහාර ලබාගන්නා රටවල් අතර පළමුවැනි ස්ථානය ශ්‍රී ලංකාවට.!

  • November 29, 2023
  • 0 min read
ලෝකයේ විෂ සහිත ආහාර ලබාගන්නා රටවල් අතර පළමුවැනි ස්ථානය ශ්‍රී ලංකාවට.!
The short URL of the present article is: https://radioeka.lk/2aht

මේ වන විට දේශීය වෙළෙඳපළෙන් ආහාරය සඳහා මිලදී ගන්නා එළවළු, පලතුරු මෙන්ම සහල් හා මස්, මාළු බොහොමයක් කල් තබා ගැනීම සඳහා යොදන වස විෂ, අඩංගු රසායන ද්‍රව්‍ය හේතුවෙන් රෝග කාරක බවට පත්ව ඇතැයි වෛද්‍යවරු හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ලෝකයේ වස විෂ සහිත ආහාර ගන්නා රටවල් අතුරින් පළමුවැනි ස්ථානයට පත්ව ඇති බවත් කොස් කල් තබා ගැනීමට හා අඹ ඉදවීමට පවා සිරුරට අහිතකර රසායන ද්‍රව්‍ය යොදා ගන්නා බවත් හෙළිවී ඇති බව ඔවුහු කියා සිටිති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ඩබ්ලිව්. ඩී. රොෂාන් කුමාර මහතා පෙන්වා දෙන්නේ මෙරට වෙළෙඳසල්වලින් අලෙවි කෙරෙන චිකන් බුරියානි වර්ග හා ෆ්‍රයිඩ් රයිස් කහ පැහැ ගැන්වීම සදහා අධි මාත්‍රාවෙන් භාවිත කරන කහ පැහැති වර්ණකයක් හේතුවෙන් සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් උද්ගත වී ඇති බවයි. කහ වෙනුවට යොදා ගන්නා මෙම කහ වර්ණකයෙන් නියම කර ඇති මාත්‍රාවට වඩා වැඩි මාත්‍රාවක් බුරියානි හා ෆ්‍රයිඩ් රයිස් තැනීම සඳහා යොදා ගන්නා බැවින් ඒවා ආහාරයට ගැනීමෙන් රෝගාතුර වීමේ අවදානමක් ඇති බවත් මෙම වර්ණක සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව පවතින බවත් ඔහු සඳහන් කරයි.


ඒමන්ති මාරඹේ

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *