NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News

රටවිරුවන්ට සියයට 8ක පොලියට ණය

  • December 6, 2023
  • 1 min read
රටවිරුවන්ට සියයට 8ක පොලියට ණය
The short URL of the present article is: https://radioeka.lk/io7a

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ඇති විදේශගත ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් මනුසවි විගමණික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ජනගත කිරීම පසුගියදා(04) සිදුකෙරුණි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව බලපත්‍රලාභි වාණිජ බැංකු හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සදහා රු.බිලියන 5ක මුදලක් වෙන්කර ඇත.

ඒ සඳහා තනිවම හෝ ඒකාබද්ධ විදේශ මුදල් ගිණුමක් (PFCA) හෝ ඉතිරි කිරීමේ ගිණුමක් (RSA) වාණිජ බැංකුවල පවත්වාගෙන යායුතු අතර, විදේශ ප්‍රේෂණ අදාළ ගිණුම වෙත ප්‍රේෂණය කර (අවම වශයෙන් පසුගිය මාස තුන තුළ) තිබිය යුතුය.

මෙම ණය මුදල ලබාගත හැකි අවස්ථා වන්නේ ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීම හෝ පුළුල් කිරීම, නිවසක් මිලට ගැනීම, ඉදිකිරීම හෝ පුළුල් කිරීම, ඉඩමක් හෝ වාහනයක් මිලට ගැනීම, දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා හෝ වෙනත් ඵලදායි කටයුත්තක් සඳහා ය.

ණය මුදලේ උපරිම සීමාව රු.මිලියන 2 කි. මේ සඳහා පසුගිය මාස 3 ක් ඇතුළත සිදුකරන ලද සාමාන්‍ය ප්‍රේෂණයන්හි (Average Remittances) 60% ක සීමාව මෙන් 36 ගුණයක් හෝ රු.මිලියන 2 න් අඩු අගය අදාළ කරගත යුතුවෙයි.

ණය ලාභියාගෙන් අයකළ හැකි උපරිම පොලී අනුපාතය 8% ක් වන අතර උපරිම මාස 36 ක් දක්වා ණය පියවීම සඳහා කාල රාමුවක් ලබාදෙයි.

මේ සඳහා තනිවම හෝ ඒකාබද්ධව ණය අයදුම්පත් විදේශගත වීමට ප්‍රථම හෝ විදේශගතව සිටියදී අදාළ බැංකුව වෙත යොමුකළ හැකිය.

අදාළ ණය අයදුම්කරු විසින් ඔහු ශ්‍රී ලංකාවේ නොමැති අවස්ථාවල ඔහු වෙනුවෙන් අදාළ ණය මුදල ලබාගැනීම සඳහා ළඟම ඥාතියෙකු වෙත ඇටර්නි බලපත්‍රයක් මඟින් බලය පැවරිය හැකිය.

ශ්‍රී ලංකා රුපියල් මගින් ණය ගෙවීම සිදුකිරීම සඳහා ඉඩ ලබාදී නොමැති අතර, විදේශ සේවා නියුක්තිය අවසන් කර ලංකාවට පැමිණි පසුව පමණක් අදාළ අවස්ථාව ලබාදී ඇත.

රුපියල් මගින් ණය පියවීම සිදුකරනු ලබන්නේ නම් වෙළෙඳපොල පවත්නා පොලී අනුපාතයන් අදාළ කර ගැනීම සිදුකරනු ලැබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා රු.බිලියන 5 ක මුදලක් වෙන්කර ඇති අතර, මේ සඳහා දායකවන පහතින් දක්වා ඇති බැංකු සඳහා 4% ක වාර්ෂික පොලී අනුපාත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ප්‍රතිමූල්‍යයන පහසුකම් ලබාදෙයි.

ලංකා බැංකුව

මහජන බැංකුව

කොමර්ෂල් බැංකුව

හැටන් නැෂනල් බැංකුව

සම්පත් බැංකුව

සෙලාන් බැංකුව

කාගිල්ස් බැංකුව

DFCC බැංකුව

ජාතික සංවර්ධන බැංකුව

යූනියන් බැංකුව

පෑන්ඒෂියා බැංකුව

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *