NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News Sport News

ප්‍රධාන පාසලක ක්‍රිඩා උපදේශකවරයාට සහ සිසුන් පිරිසකට මැර ප්‍රහාරයක්

  • November 14, 2023
  • 0 min read
ප්‍රධාන පාසලක ක්‍රිඩා උපදේශකවරයාට සහ සිසුන් පිරිසකට මැර ප්‍රහාරයක්
The short URL of the present article is: https://radioeka.lk/ntnx

රත්නපුරයේ ප්‍රධාන පෙලේ පාසලක සිසුන්ට සහ ක්‍රීඩා උපදේශකවරයාට කිසියම් පිරිසක් විසින් පහර දී තිබේ.

අද (14) උදෑසන ක්‍රීඩා පුහුණුවීම් අතරතුර මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පාසල් සිසුන් සහ ක්‍රීඩා උපදේශකවරයා රත්නපුර පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ද සිදුකර තිබේ.

කෙසේවෙතත් මේ වන විට ක්‍රීඩා උපදේශකවරයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව ද වාර්තා වේ.

ඇසින් දුටුවන් පවසන්නේ ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් යැයි කියා ගන්නා පිරිසක් විසින් පුහුණුවිම්වල නිරතව සිටි සිසුන් සහ ක්‍රීඩා උපදේශකවරයා සමග බහින්බස්විමක් ඇති කරගැනීමෙන් පසු අදාළ පහරදීම සිදුකළ බවය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති අතර ඊට අදාළව විමර්ශන ආරම්භ කර ඇති බවය.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *