NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News

නඩුවකට පැමිණි පහළොස් හැවිරිදි දැරිය මුහුදේ පැනලා

  • November 29, 2023
  • 0 min read
නඩුවකට පැමිණි පහළොස් හැවිරිදි දැරිය මුහුදේ පැනලා
The short URL of the present article is: https://radioeka.lk/6lfc

පානදුර අධිකරණයේ නඩුවකට පෙනීසිටීම සඳහා සිය මව සමඟ ඊයේ (28) පානදුරට පැමිණ සිටි 16 හැවිරිදි තරුණියක මුහුදට පැන දිවි නසා ගැනීමට උත්සාහ කිරීමේදී ඇයගේ දිවි ගලවා ගැනීමට පානදුර පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් සමත්ව ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය සඳහන් කළේ, එම ඒකකයේ උප පොලිස් පරීක්ෂක නිමල්සිරි හා පොලිස් කොස්තාපල් 91046 දසුන් යන නිලධාරීන් විසින් වහාම ක්‍රියාත්මක වී එම දැරියගේ ජීවිතය බේරාගැනීමට සමත්ව ඇති බවයි.

මෙලෙස ජීවිතය බේරාගත් දැරිය වයස අවුරුදු 16ක් වූ කොස්පැලෑන, පොල්පිතිමූකලාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මුහුදට පැන ඇති තරුණිය පානදුර අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණ ඇති බවත්, ඉන්පසු මව සමඟ පානදුර වෙරළට පැමිණ සිටියදී මෙසේ මුහුදට පැන ඇති බවත් සඳහන් වේ.

දැරිය මුහුදට පනින අයුරු සහ මවගේ විලාප හඬ නිරීක්ෂණය කළ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්. නිමල්සිරි මහතා සහ ජීවිත ආරක්ෂක නිලධාරියෙක් වහා ක්‍රියාත්මක වී දැරිය බේරාගෙන තිබේ.

දැරිය ගොඩගෙන පානදුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය වෙත යොමු කර ඇති බව පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් සඳහන් කරයි.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *