NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 7, 2024
Hot News Local News

දැරියගේ මරණයට දෙමාපියන් පිරිසක් විදුහල්පතිට පහරදෙයි.!

  • November 16, 2023
  • 0 min read
දැරියගේ මරණයට දෙමාපියන් පිරිසක් විදුහල්පතිට පහරදෙයි.!
The short URL of the present article is: https://radioeka.lk/l9a3

ඊයේ (15) දින වැල්ලම්පිටිය වේරගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටීමෙන් සිසුවියක් මියගොස් තවත් දරු දැරියන් 05 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

පාසලේ ජල කරාම සවිකර තිබු කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර එම බැම්ම කඩාවැටී දැරිය මියයාමේ සිද්ධියත් සමග උරණවු පිරිසක් විසින් එම පාසලේ විදුහල්පතිවරයාට පහරදීමක් සිදුකර ඇත.

සිසුවියට සිදුවු අනතුරින් පසුව ඇතිවු කලබලකාරී තත්ත්වය සමග සිසු සිසුවියන් පිටතට යෑම වැළැක්වීමට විදුහල්පතිවරයා පාසලේ ගේට්ටුව වසා දැමීමට උපදෙස් දුන් පසුව ඒ සදහා උරණ වූ මව්පියන් පාසලට පැමිණ විදුහල්පතිවරයාට පහරදී ඇත.

මව්පියන්ගේ පහරකෑමට ලක්වූ විදුහල්පතිවරයාගේ ඇසකට හානි සිදුවී ඇති අතර මේ වනවිට විදුහල්පති අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *