NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Foreign News Hot News

ණය ගෙවීම් කල් දාගන්න අවස්ථාවක්.!

  • April 9, 2024
  • 1 min read
ණය ගෙවීම් කල් දාගන්න අවස්ථාවක්.!
The short URL of the present article is: https://radioeka.lk/0wgx

මෙරට විදේශ ණය නැවත ගෙවීම 2028 වසර දක්වා අත්හිටුවීම පිළිබඳ ණය හිමියන් සමග සිදු කෙරෙන සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇතැයි නික්කේ ඒෂියා වාර්තා කරයි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක පසුගිය දා නික්කේ ඒෂියා සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ “ණය හිමියන් සමඟ සාකච්ඡා අවසන් අදියරේ තියෙන්නේ. ඉක්මනින්ම ඒ ගැන සවිස්තරාත්මක නිවේදනයක් නිකුත් වේවි කියලා අපි හිතනවා.

ඒ අනුව 2%ක නව පොළී අනුපාතයක් යටතේ ණය ආපසු ගෙවීම 2042 දක්වා වන වසර 15ක කාලය තුළ සිදුකිරීමට නියමිතයි.

තවදුරටත් ණය අඩු කිරීමක් සිදු කරන ලෙසට ශ්‍රී ලංකාව ඉල්ලීමක් කළ ද එය සිදු නොවන බව සාගල රත්නායක එම සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව විසින් විදෙස් ණය ගෙවීම් නවත්වන බවට 2022 වසරේ අප්‍රේල් මාසයේදී ප්‍රකාශ කරන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස ණය ගෙවීම පැහැර හරිනු ලැබිණි.

2023 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ හිඟ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37.3ක් වේ. ඉන් චීනය සතුව ඩොලර් බිලියන 4.7ක් ඇත.

මෙරට විශාලතම ණය හිමියා වන චීනය හා ණය හිමි රටවල් සමග සිදු කරන සාකච්ඡා සඳහා එක් වී ඇත්තේ, එක්අයකු ලෙස පමණක් වුව ද චීනයේ අපනයන හා ආනයන බැංකුවේ ණය හරහා සිදු වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙම තීරණය හා “සමාන” වනු ඇතැයි සාගල රත්නායක ප්‍රකාශ කර ඇත.

unusuma.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *