NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News

ජීවිත 3ක් බිලිගත් වික්ටෝරියා ඛේදවාචකය

  • April 16, 2024
  • 1 min read
ජීවිත 3ක් බිලිගත් වික්ටෝරියා ඛේදවාචකය
The short URL of the present article is: https://radioeka.lk/yy3p

වික්ටෝරියා ජලාශයේ දියේ ගිලීමෙන් මියගිය යුවළ බේරාගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකුද අද පස්වරුවේ දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

දිගන, කුඹුක්කඳුර ප්‍රදේශයෙන් වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය අඹුසැමි යුවළක් අද පස්වරුවේ දියේ ගිලී තිබුණි.

එහිදී ඔවුන් බේරාගැනීම සඳහා ඉදිරිපත් වූ 30 හැවිරිදි වියේ පසුවූ ප්‍රදේශවාසියෙකු ද මෙලෙස දියේ ගිලී මියගොස් ඇත.

දියේ ගිලී මියගිය අඹුසැමි යුවළ තිහාරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර කාන්තාවගේ ගම් ප්‍රදේශයට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණ දී තිබේ.

මියගොස් ඇති සැමියාගේ වයස අවුරුදු 28ක් සහ බිරිඳගේ වයස අවුරුදු 22ක් ලෙසට වාර්තාවෙයි.

පළමුව කාන්තාව දියනෑම සඳහා ජලාශයට බැස ඇති අතර ඇය එක්වරම දියේ ගිලී තිබේ.

ඇගේ ස්වාමිපුරුෂයාත් සැණෙකින් ජලාශයට බැස ඇත්තේ ඇය බේරාගැනීමටය.

කෙසේවෙතත් එහිදී ජල පහරට හසුව එම දෙදෙනාම අතුරුදන්ව ඇති අතර ඔවුන් බේරාගැනීමට ප්‍රදේශවාසියෙක් ද ජලයට බැස ඇති බව වාර්තාවෙයි.

පළමුව බිරිඳගේ දේහය සොයාගෙන තිබුණු අතර පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමේදී සැමියා සහ ඔවුන් බේරාගැනීමට ගිය ප්‍රදේශවාසියාගේ සිරුරද සොයාගෙන තිබේ.

adaderana

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *