NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News Political News

“ජනපති ධුරයෙන් නෙරපීමේ කුමන්ත්‍රණය” එළිදකී

  • March 7, 2024
  • 1 min read
“ජනපති ධුරයෙන් නෙරපීමේ කුමන්ත්‍රණය”  එළිදකී
The short URL of the present article is: https://radioeka.lk/0e46

ජනාධිපතිවරයා ලෙස පසුගිය 2019 වසරේ නොවැම්බර් මාසයේදී තේරී පත් වූ මොහොතේ සිටම ඇතැම් දේශීය හා විදේශීය පාර්ශ්ව තමා බලයෙන් පහ කිරීමට මාන බලමින් සිටි බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

තමා ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමේ දේශපාලන ව්‍යාපාරය, නිදහස ලැබීමෙන් පසු මැතිවරණ ප්‍රතිඵල මත සාමකාමී බල හුවමාරු පමණක් අත්විඳ තිබූ ශ්‍රී ලංකාවේ දේශපාලනයට නව මානයක් එක්කර තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා එම නිසා 2022 සිදුවීම් මේ රටේ දේශපාලන අනාගතයට බරපතළ නිෂේධනාත්මක ආනිසංස ඇති කරන කාරණයක් බව ද පෙන්වා දෙයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නම් වූ කෘතිය අද (07) එළිදැක්වීමට නියමිතව තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,

“ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” යන මැයෙන් රචිත මගේ කෘතිය එළිදැක්වීම අද (07) සිදු කෙරෙනවා. 2009 වසරේදී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය අප ජයග්‍රහණය කළ අවස්ථාවේ සිට ශ්‍රී ලංකාවට එරෙහිව විදේශීය මැදිහත්වීම් උත්සන්න වුණා. 2019 නොවැම්බර් මාසයේදී මා ජනාධිපති ලෙස තේරී පත් වූ මොහොතේ සිටම ඇතැම් විදේශීය සහ දේශීය පාර්ශ්ව මා බලයෙන් පහ කිරීමට මාන බලමින් සිටියා. මා ජනාධිපති ලෙස බලයේ සිටි අවුරුදු දෙකහමාරක පමණ මුළු කාලයම පාහේ එකල ශ්‍රී ලංකාව සහ මුළු ලෝකයම පුරා පැතිර ගිය කොවිඩ් -19 වසංගතය පාලනය කිරීමට ගතවුණා.

කුමන්ත්‍රණකාරී බලවේග මා ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමේ දේශපාලන ව්‍යාපාරය 2022 මාර්තු අගදී ආරම්භ කළේ වසංගතය පාලනය කර එන්නත් ව්‍යාපාරය සම්පූර්ණ කර ආර්ථිකය ද නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබූ අවස්ථාවකදීය. මේ රට නිදහස ලබා ගත වූ පළමු හැට වසර තුළ කිසිදාක අත්විඳ තිබූ නැති අන්දමින් අද වන විට මේ රට තුළ විදේශ මැදිහත්වීම් සහ අභ්‍යන්තර දේශපාලනය බාහිර පාර්ශ්වයන් විසින් හැසිරවීම සිදු වෙමින් පවතිනවා. මා ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමේ දේශපාලන ව්‍යාපාරය නිදහස ලැබීමෙන් පසු මැතිවරණ ප්‍රතිඵල මත සාමකාමී බල හුවමාරු පමණක් අත්විඳ තිබූ ශ්‍රී ලංකාවේ දේශපාලනයට නව මානයක් එක්කර තිබෙනවා. එම නිසා 2022 සිදුවීම් මේ රටේ දේශපාලන අනාගතයට බරපතළ නිෂේධනාත්මක ආනිසංස ඇති කරන කාරණයක් වෙනවා. කෘතියේ අන්තර්ගතය වන්නේ ජාත්‍යන්තර අනුග්‍රහය සහිත පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමක් පිළිබඳ ඍජු අත්දැකීමකි. ඒ නිසා මේ කෘතිය ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව විදේශිකයන්ටත් වැදගත් වේ යැයි මම විශ්වාස කරනවා. අද (07) සිට ප්‍රමුඛ පෙළේ පොත් අලෙවිසල්වලින් මගේ මෙම කෘතිය ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන්ම ලබාගත හැකි වෙනවා.

මහින්ද අලුත්ගෙදර

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *