NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Education Hot News Local News

උසස් පෙළ වෘත්තීය පුහුණු වැඩසටහන අද ඇරඹේ

  • March 5, 2024
  • 0 min read
උසස් පෙළ වෘත්තීය පුහුණු වැඩසටහන අද ඇරඹේ
The short URL of the present article is: https://radioeka.lk/91pm

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩසටහන අද (05) දිනයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

දිවයින පුරා මධ්‍යස්ථාන 300ක් යොදා ගනිමින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ සඳහා ලියාපදිංචි වූ සිසුන් පස්වරු 02ට අදාළ මධ්‍යස්ථාන වෙත වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.

උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව, මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තීය විෂයක් නොමිලේ හැදෑරීමට මෙම වැඩසටහන මඟින් හිමිවේ.

මේ අතර දරුවන් දැනුමෙන් ආකල්පවලින් මෙන්ම කුසලතාවයන්ගෙන් සන්නද්ධ කරවීම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *