NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Sport News

ඇන්ජෙලෝ මැතිව්ස්ගේ දැවීයාම ලෝකයම කළඹයි.!

  • November 6, 2023
  • 1 min read
ඇන්ජෙලෝ මැතිව්ස්ගේ දැවීයාම ලෝකයම කළඹයි.!
The short URL of the present article is: https://radioeka.lk/6udu

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයේදී සුපිරි ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් පන්දුවට පහරදීමට කඩුල්ලට පැමිණීමට පරක්කු වීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

ඇන්ජෙලෝ මැතිව්ස්ගේ පැමිණීමේ ප්‍රමාදය හේතුවෙන් (Time Out) දන්වමින් දැවී ගිය අතර ඔහුගේ හිස් ආවරණයේ යම් ගැටලුවක් හේතුවෙන් ඔහු නැවත හිස් ආවරණයක් ඉල්ලීමේදී එම ප්‍රමාදය සිදුව ඇත.

බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් විනිසුරුවන්ගෙන් ඉල්ලීමක් කළේ විනාඩි 03ක් ඇතුළත තම පළමු පන්දුවට පහර නොදුන් හෙයින් ඔහුව දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම් කරන ලෙසයි. ඒ අනුව විනිසුරු එරස්මස් තීරණය කළේ මැතිව්ස් දැවීගිය ක්‍රීඩකයෙක් ලෙසයි.

ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී මෙවැනි දැවී යාමක් වාර්තා වූ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වෙයි.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *