NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News

හිතුවක්කාර විදුලි කප්පාදුවට පාරිභෝගික විරෝධය

  • March 20, 2024
  • 1 min read
හිතුවක්කාර විදුලි කප්පාදුවට පාරිභෝගික විරෝධය
The short URL of the present article is: https://radioeka.lk/zuho

මාස ගණනක් තිස්සේ විධිමත් විදුලි බිලක් නොඑවා නිවාසවල විදුලිය විසන්ධි කිරීම ගැන පාරිභෝගිකයන්ගෙන් විදුලිබල මණ්ඩලයට බරපතළ චෝදනාවක් එල්ල වී තිබේ. මෙයට පෙර පාරිභෝගිකයන් වෙත ලැබුණු බිලේ විදුලිය පාවිච්චි කරන ලද කාලසීමාව, භාවිත කරන ලද විදුලි ඒකක සංඛ්‍යාව ආදී තොරතුරු ඇතුළත් විය. ඒ කිසිදු තොරතුරක් සඳහන් නොකර හිතුමතේ පාරිභෝගිකයන්ගේ විදුලිය විසන්ධි කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් නීතිඥ උපදෙස් ලබාගන්නා බව පාරිභෝගික සංවිධාන නියෝජිතයෝ පවසති.

අසාධාරණ ලෙස විදුලිය විසන්ධි කිරීමෙන් අනතුරුව විදුලිය විසන්ධි කළ බව සඳහන් කර ලබාදෙන රිසිට් පතේද නමක් අත්සනක් සහ අවශ්‍ය තොරතුරු කිසිවක් ඇතුළත් නොවීමද බරපතළ වරදකි. එසේම විදුලිය විසන්ධි කිරීමෙන් අනතුරුව නැවත විදුලිය ලබාදීම සඳහා රුපියල් 3000ක අමතර ගෙවීමක්ද මණ්ඩලය අය කරනු ලබයි.

විදුලිබල මණ්ඩලයේ අවිධිමත් සහ අනීතික මෙම ක්‍රියාදාමය සම්බන්ධයෙන් වන පැමිණිලි කොතෙක් බරපතළ වුවත් අදාළ කිසිදු පාර්ශ්වයක් මේ සම්බන්ධව ප්‍රතිචාර නොදැක්වීම බෙහෙවින් කනගාටුවට කරුණක් බව පාරිභෝගිකයෝ පවසති.

සංජීවිකා සමරතුංග

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *