NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News

හලාවත දුම්රිය වේදිකාවටම එයි

  • April 16, 2024
  • 0 min read
හලාවත දුම්රිය වේදිකාවටම එයි
The short URL of the present article is: https://radioeka.lk/pw61

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ඊයේ (15) පස්වරු 2.35 ට හලාවත බලා ධාවනය වීමට නියමිත වූ දුම්රිය ගමන් ආරම්භ කිරීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමුවන වේදිකාවට ඇතුලත් කිරීමේදී  දුම්රිය නියමිත ස්ථානයේදී නවතා ගැනීමට එම දුම්රියෙහි කාර්‍යමණ්ඩලය අපහොසත් වීම මත වේදීකාව ද කඩා ගෙන එම දුම්රිය නැවතුණු බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම අනතුර හේතුවෙන් කිසිවකුට හෝ අනතුරක් සිදුව නොමැති අතර දුම්රියේ ඉදිරි කොටස හා වේදිකාවේ කොටසකට හානී වී ඇති බවත් දුම්රිය ගමනාගමන කටයුතු සඳහා මෙය ගැටලුවක් නොමැති වුවද මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු මට්ටමෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවද එම නිලධාරියා  වැඩිදුරටත් සඳහන් කළේය.

(යොහාන් භාසුර)

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *