NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News

විදුහල්පතිගෙන් සිසුන් පිරිසකට රජ දඬුවමක්

  • November 23, 2023
  • 0 min read
විදුහල්පතිගෙන් සිසුන් පිරිසකට රජ දඬුවමක්
The short URL of the present article is: https://radioeka.lk/4nmu

නාවලපිටිය රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් දිවා ආහාර පොලිතින්වල ඔතාගෙන පැමිණී බවට චෝදනා කරමින් එහි විදුහල්පතිවරයා එම පොලිතින් හා පත්තර පිටු සිසුනට කවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිසිය කියයි.

පත්තර පිටු සහ පොතින් සපා කෑ සිසුන් දෙදෙනකු අසනිප වී නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය කියයි.

එම සිසුන් දෙදෙනාට උදරයේ අමාරුව,වමනය,උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ මතුවී ඇතැයි ඔවුන්ගේ මවුපියන් කර පැමිණිල්ලේ සඳහන් බව ද පොලිසිය සඳහන් කරයි.

විදුහල්පතිවරයා පැමිණ සිසුන් පරීක්ෂා කළ අවස්ථාවේ ඔවුන් දිවා ආහාරය ගෙන ඉවතලන පොලිතිනි හා පත්තර පිටු නැවත රැගෙන යාමට බෑගයේ දමාගෙන සිට ඇති අතර විදුහල්පතිවරයා එම පොලිතින් හා පත්තර පිටු එළියට ගන්නැයි සිසුන්ට නියෝග කර පසුව ඒවා කටේ දමාගෙන ගන්නැයි ප්‍රකාශ කර ඇති බව ද පැමිණිල්ලේ සඳහන් වන බව ද පොලිසිය කියයි.

(රංජිත් රාජපක්ෂ)

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *