NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News Political News

ලබන අවුරුද්දෙ තියෙන්නෙත් මේ ආණ්ඩුවමයි

  • March 5, 2024
  • 1 min read
ලබන අවුරුද්දෙ තියෙන්නෙත් මේ ආණ්ඩුවමයි
The short URL of the present article is: https://radioeka.lk/fvoo

ලබන වසරේත් මෙරට තිබෙන්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආණ්ඩුව නැති වෙන්නේ ආණ්ඩුවේ මහජන නියෝජිතයන් ගමට නොගියොත් බව කී ජනාධිපතිවරයා  සංවර්ධනය සදහා ලබා දී ඇති මුදල් ගෙන ගමට ගොස් ගමේ සංවර්ධනයට සෘජුවමට දායකවන්නැයි ඉල්ලා සිටියේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ද පිළිබද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කීවේය.

නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා සංවිධානය කළ මෙම රැස්වීමට ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ දිස්‍ර්තික් නායකයයෝ ද සහභාගී වූහ.

අගෝස්තු වෙන්න කලින් මුදල් වියදම් කරලා වැඩකටයුතු ආරම්භ කරන්න. කල් දාන්න එපා. එන අවුරුද්දේත් මුදල් දෙන්නම් යැයි ජනාධිපතිවරයා එහිදී කීය.

(අංජුල මහික වීරරත්න)

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *