NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Local News Sport News

පැතුම් නිස්සංක හොඳම ක්‍රීඩකයින් තිදෙනා අතරට

  • March 5, 2024
  • 1 min read
පැතුම් නිස්සංක හොඳම ක්‍රීඩකයින් තිදෙනා අතරට
The short URL of the present article is: https://radioeka.lk/xpyp

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පෙබරවාරි මාසය සඳහා ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා තේරීම සඳහා සුපිරි ක්‍රීඩකයින් තිදෙනෙකු තෝරාගෙන ඇත.

ඒ අතරින් හොඳම ක්‍රීඩකයා ලෙස නම් කෙරෙන්නේ අන්තර්ජාලය හරහා පැවැත්වෙන ඡන්දයක් හරහා වන අතර ඒ අනුව මෙවර පෙබරවාරි මාසයේ හොඳම ක්‍රීඩකයින් තිදෙනාගේ නාම යෝජනා අතරට ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති එක්දින තරගාවලියේදී ලබාගත් ද්විත්ව ශතකය ඔහුව මෙලෙස නම්කිරීමට මූලික හේතුව වී ඇති අතර එය ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් එක්දින තරගයකදී රැස්කළ ප්‍රථම ද්විත්ව ශතකයයි.

මීට අමතරව 2024 පෙබරවාරි මාසයේ හොඳම ක්‍රීඩකයා ලෙස තේරීම සඳහා පැවැත්වෙන මත විමසුමට ICCය නම්කර ඇති සෙසු ක්‍රීඩකයින් වන්නේ ඉන්දීය යොවුන් පිතිකරු යශස්වි ජයිශ්වාල් සහ නවසීලන්ත සුපිරි පිතිකරු කේන් විලියම්සන්වය.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *