NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News

ඕමානයේ සිට ආ කත මත්කර මුදල්,රන් පැහැරගත් ෆේස්බුක් පෙම්වතා සොයයි

  • March 14, 2024
  • 1 min read
ඕමානයේ සිට ආ කත මත්කර මුදල්,රන් පැහැරගත් ෆේස්බුක් පෙම්වතා සොයයි
The short URL of the present article is: https://radioeka.lk/oav1

ඕමානයේ ගෘහ සේවයට ගොස් මෙරටට පැමිණි කාන්තාවක් රවටා ඇය සතු රුපියල් ලක්ෂ දොළහකට ආසන්න මුදල් හා දේපොළ කොල්ල කා පලාගිය පුද්ගලයකු සොයා ගල්ගමුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සැකකරු මෙම කාන්තාව මුහුණු පොත ඔස්සේ හඳුනාගෙන ඇති බවත් ඒ ඔස්සේ ඇය හා සමීප සම්බන්ධතාවක් ගොඩ නගාගෙන ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

තඹුත්තේගම මල්වානේගම ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවක් මීට වසර දෙකකට පෙර ඕමානයේ ගෘහ සේවයට ගොස් තිබුණු අතර ඇය මුහුණු පොත ඔස්සේ ලහිරු මධුසංක නමැති පුද්ගලයකු හඳුනාගෙන ඇත.

තමන් යුද හමුදා සාමාජිකයකු බව කියමින් මෙම කාන්තාව හා සම්බන්ධතාව පවත්වාගෙත් මෙම පුද්ගලයා පසුගියදා (11 වැනිදා) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණ ඇත්තේ එම කාන්තාව කැටුව යාමටය.

පසුව මෙම කාන්තාව සමගින් කොළඹට පැමිණි මෙම පුද්ගලයා ඇයගේ බැංකු ගිණුම්වල තිබූ මුදල් ද රැගෙන ඇය මහනුවර ප්‍රදේශයට කැටුව යාමට උත්සාහ කර ඇත. තමන්ට යුද හමුදා කඳවුරට යා යුතු බව කියමින් මෙම කාන්තාව ගල්ගමුව ප්‍රදේශයට කැටුව විත් කිසියම් බීමක් ලබාදී ඇය සිහිසුන්කර රුපියල් ලක්ෂ හතහමාරක මුදලක්ද, රන් මාලයක් හා අත්පඳනා දෙකක්ද ජංගම දුරකතන දෙකක්ද රැගෙන පලා ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් වින්දිත කාන්තාව පසුගියද (12 වැනිදා) ගල්ගමුව පොලිසියට කරන ලද පැමිණිල්ල මත ගල්ගමුව පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රියන්ත ජයසිරි ඇතුළු නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

aruna

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *