NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Foreign News Hot News

ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ ගාසා තීරයේ රෝහල් සුසාන භූමි බවට පත්වෙයි.!

  • November 14, 2023
  • 0 min read
ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ ගාසා තීරයේ රෝහල් සුසාන භූමි බවට පත්වෙයි.!
The short URL of the present article is: https://radioeka.lk/18e1

ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් මේ වන විට පලස්තීනයේ රෝහල් පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රෝහල් ඇතුළත සහ පිටත නොමේරු බිලිඳන් ඇතුළු මියගිය පුද්ගලයින්ගේ සිරුරු ගොඩගසා ඇති බැවින් එම රෝහල් සුසාන භූමි බවට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ දරුවන් කාන්තාවන් ඇතුළු 100 ගණනක් දෛනිකව මියගිය ද එම සංඛ්‍යා ලේඛන මේ වන විට යාවත්කාලීන වීමක් සිදුනොවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උතුරු ගාසාහි ජබාලියා සරණාගත කඳවුරට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් සරණාගතයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් ඇති අතර මධ්‍යම ගාසාහී සිවිල් වැසියන්ගේ නිවාසවලට එල්ල කළ ප්‍රහාරවලින් ද විශාල පිරිසක් මියගොස් ඇත.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *