NewIncredible offer for our exclusive subscribers!Read More
38°C
September 8, 2024
Hot News Local News Political News

අර්ජුනට ඇමතිකම වුණත් දෙන්න මම සුදානම් -රොෂාන්

  • November 7, 2023
  • 1 min read
අර්ජුනට ඇමතිකම වුණත් දෙන්න මම සුදානම් -රොෂාන්
The short URL of the present article is: https://radioeka.lk/mmvw

අර්ජුන රණතුංග මහතා කුමන පක්ෂයකින් හෝ ඉදිරිපත් වන්නේ නම් තම අමාත්‍ය ධුරය ඔහුට පිරිනැමීමට සුදානම් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ,  අතුරු පාලක කමිටුවක් දැමීමේ දී ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය නොවන බවය.

“ජනාධිපතිතුමාගේ අනුමැතිය ගන්න ඕනේ ඒවා තියෙනවා. අතුරු පාලක කමිටුවක් දැමීමේදී එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නෑ. ඒ අනුව මට තියෙන බලතල ප්‍රකාරව තමා තීන්දුව ගත්තේ. කැබිනට් මණ්ඩලයේ දී වුණේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී සියලුම ක්‍රීඩකයින් ගෙනල්ලා අදහස් ගන්න කමිටුවක් පත්කළා අලී සබ්රි අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

ඇමතිකම තියෙන කල් වැඩේ කරනවා. නැතුව ඇමතිකම රැකෙන්න කියලා අපි හැංගිලා ඉඳලා වැඩක් නෑනේ. මට රට වෙනුවෙන් වගකීමක් තියෙනවා. පොළොන්නරුවේ අහිංසක මිනිස්සු ඒ අය මාව පත්කළේ හරියට වැඩක් කරන්න. ඒ වගකීම හරියටම කරනවා. ජනාධිපතිතුමාට පුළුවන් ඕනේ නම් අස්කරන්න. ඒක එතුමාගේ තීන්දුවක්.

සුදුස්සාට දීලා තියෙනවා. අර්ජුනට දෙන්න සාධක තියෙනවා. එතුමා ලෝක කුසලානය ගෙනල්ලා තියෙනවා. එතුමා යද්දි දෙවැනි පෙළක් හදලා ගියා. අද දෙවැනි පෙළක් නෑ. ඒකෙන් ප්‍රශ්නය. ඒ වගේම මුරලිදරන්ට ප්‍රශ්න එද්දි එතුමා අභියෝග කළා. ඒක තමා නායකත්වය. එතුමාට තැනක් දුන්නේ නෑනේ කවුරුත්. මේ රටේ පාර්ලිමේන්තුවට එතුමා පත්වෙලා ඉන්න කොට කවදාවත් ක්‍රීඩා ඇමතිකම දුන්නේ නෑ. මම කිව්වා මට වඩා දශමයක් හරි ක්‍රීඩා ඇමතිකමට හොඳ පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ අර්ජුන කියලා. අර්ජුනව මොන පක්ෂයෙන් හරි ගන්නවා නම් ජාතික ලැයිස්තුවෙන් හරි මම ඇමතිකම දෙන්න සුදානම්. එහෙම සුදානම් තියෙන මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලංකාවට ගෞරවයක් ගෙනාපු මිනිහා සභාපති කරන්නේ වෙන කාවද කරන්නේ. ඒ තීන්දුව මම ගත්තා.”

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් මේ දිනවල වැඩි කතාබහක් සිදුවන අතර ඒ් පිළිබඳ තීන්දු රැසකටද ඊයේ (06) දිනයේ එළඹුණි.

ඒ අනූව හිටපු ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුත් අන්තර් පාලන මණ්ඩලයක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගත්තේය.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයෙන් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය යළි පවත්වන තෙක් හෝ නැවත දැනුම්දෙනතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පවත්වාගෙන යාම සඳහා මෙම අතුරු කමිටුවට බලතල පැවරෙන බවය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි කටයුතු සහ අදාළ ගැසට්ටුව සම්බන්ධයෙන් සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට ඊයේ පස්වරුවේ රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

About Author

Indusara Media

Leave a Reply

Your email address will not be published. Required fields are marked *