TikTok සමාජ මාධ්‍ය තහනම් කිරීමට පනත් කෙටුම්පතක් සම්මත කරයි


ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය යෙදුම්වලින් එකක් වන TikTok ට එරෙහිව රටපුරා තහනමකට තුඩු දිය හැකි පනතක් සම්මත කිරීමට එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය බදාදා ඡන්දය ප්‍රකාශ කළේය. සෙනෙට් සභාවේදී පනත් කෙටුම්පතේ අනාගතය කුමක් වේද යන්න තවමත් පැහැදිලි නැත.

Tik Tok තහනම් කිරීමට අදාළ පනත් කෙටුම්පත බහුතර ඡන්දයෙන් සම්මත වී ඇති අතර එය නීතියක් බවට පත්වීම සඳහා සෙනට් සභාවේ අනුමැතිය හිමිවිය යුතුය.

සම්මත පනතට අනුව මාස 06ක කාලයක් ඇතුළත Tik Tok සමාගමේ අමෙරිකානු ශාඛාව ඉවත් කර ගැනීමට කාලය ලබාදී ඇති අතර එසේ ඉවත් කර නොගතහොත් අමෙරිකාව තුළ එම යෙදුම අවහිර වන බව සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *