හිටපු ජනාධිපතිවරුන්ට ආයෙත් පාර්ලිමේන්තු පැමිණීම වැරදි පූර්වාදර්ශයක්!

නව නීතියක් ගෙනැවිත් හිටපු ජනාධිපතිවරුන්ට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නතර කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සදහන් කරයි.

හිටපු ජනාධිපතිවරු නැවත පාර්ලිමේන්තුවට පැමිණීම වැරදි පූර්වාදර්ශයක් බවත් රටේ තිබෙන ඉහලම තැනට ගිය පසු නැවත පාර්ලිමේන්තුවට පැමිණීම සදාචාරයක් ඇති වැඩක් නොවන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

ජේ.ආර් ජයවර්ධන මෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග ද ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකිරීම ගැන ස්තුති වන්ත වන බවත් ඔවුන් පාර්ලිමේන්තුවට නැවත නොපැමිණ තමන්ගේ ගෞරවය තබාගෙන කටයුතු කළ බවද සදහන් කරයි.

ඊයේ (22) දින පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයේදී මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ බව සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *